සුදු අන්තවාදය ෆේක්බුක් ජාලයේ තහනම්
සුදු අන්තවාදය දිරිගන්වන අදහස්, ඡායාරූප සහ වීඩියෝ දසුන් මින් ඉදිරියට ෆේස්බුක් හරහා ප්රසිද්ධියට පත් කිරීමට ඉඩක් නොදෙන බව ෆේස්බුක් සමාගම කියයි.
ඇමෙරිකාවේ ෆේස්බුක් සමාගම ඔවුන්ගේ ප්රතිපත්ති මෙසේ වෙනස් කිරීමට තීරණය කළේ පසුගිය 15 වැනිදා, නවසීලන්තයේ ක්රයිස්ට්චර්ච් නුවර මුස්ලිම් පල්ලි දෙකකට එල්ල වුණු වෙඩි තැබීමේ සිදුවීමෙන් පසුවය. ෆේස්බුක් සමාගම ගත් මෙම තීරණය සම්බන්ධයෙන් තමන් සතුටට පත් වන බව නවසීලන්ත අගමැතිනී ජැසෙන්ඩා එර්ඩර්න් පවසා ඇත.
එම වෙඩි තැබීම කළේ මුස්ලිම් විරෝධී, ඕස්ටේරලියානු ජාතික සුදු අන්තවාදියෙකි. ඔහු වෙඩි තැබීම කළේ ෆේස්බුක් හරහා එම දසුන් සජීවී ලෙස ප්රසිද්ධියට පත් කරමින්, විශාල ප්රචාරයක් ද ලබා දෙමිනි.
2006 වසරෙන් පසු, බටහිර රටවල සුදු අන්තවාදීන්ට එකමුතු වී අදහස් හුවමාරු කර ගැනීමට වේදිකාවක් වූයේ ෆේස්බුක් බව සිදු කළ විමර්ශනවලින් අනාවරණය වී ඇත.
වොෂින්ටනයේදීය (රොයිටර්ස්)