සිවිල් යුද්ධය නිසා යේමනයට ඩොලර් කෝටි 1400ක හානි
(වොෂිංටන්)
යේමනයේ දැනට කෙරිගෙන යන සිවිල් යුද්ධය නිසා එරට යටිතල පහසුකම්වලට හා ආර්ථිකයට සිදුවී ඇති පාඩුව ඇමෙරිකානු ඩොල්ර් කෝටි 1400කට වැඩි බවත් ජනගහනයෙන් අඩකට වඩා මන්දපොෂණයෙන් පෙළෙන රට ගොඩ ගැන ිම සඳහා විශාල පරිශ්‍රමයක් දැරිය යුතු බවත් රොයටර් ප්රවෘත්ි සේවයට දැක ගැන ිමට ලැබුණු රහසිගත වාර්තාවකින් අනාවරණය ව ි ඇත.
යුද්ධය නිසා සිදුව ඇති දේපල හානිය (තවම සම්පුර්ණයෙන් ගණන් බලා නැතත්) ඩොලර් කෝටි 700කට වැඩිවන අතර නිශ්පාදන කටයුත්‍ර සහ සේවා බෙදා හැරීමේ අංයට සිදුව ඇති පාඩුව ඩොලර් කෝටි 730කට වැඩි බවත් ලෝක බැංකුව, එක්සත් ජාතීනගේ සංවිධානය, ඉස්ලාමිය සංවර්ධන බැංකුව සහ යුරෝපා සංගමය නිකුත් කළ ඒකාබද්ධ වාර්තාවක සඳහන් වෙයි.
ජාත්‍යන්තරව පිළිගැන ිමකට ලක්ව ඇති ජනාධිපති අබ්ද් රබ්බු මන්සූර්ගේ රජය ඉරානයේ සහයෝගහ ලබන හූතිවරුන් සමග සිවිල් යුද්ධයක පැටලී ඇති අතර අරාබි අර්ධද්ව ිපය පුරා ව්‍යාප්තව ඇති අල්කයිඩා ත්‍රස්තවාදින්ගේ තර්ජනවලටද මුහුණපා සිටියි.
මාස 16ක් ගතව ඇති සිවිල් යුද්ධය නිසා 6500කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර අවතැන්ව ු සංඛ්‍යාව ලක්ෂ 25කට වැඩිය. එ2013 වසරේදී ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් 1097ක් වූ යේමනය නිසා බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇත.
එරට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කරන ලද සමීක්ෂණයකට අනුව පාසල් 1671කට ානි සිදුව ඇති අතර ඉන් පාසල් 287ක් පුර්ණ අලුත්වැඩියාවකට ලක් කළ යුතු ව ඇත. අවතැන්වූ ජනතාවට රැඳි සිට ිම සඳහා පාසල් 544ක් වෙන්කර ඇති අතර පාසල් 33ක් හමුදා කඳවුරු ඉවට පත්කර ඇත. පාසල්වලට සිදුව ඇති හානිය ඩොල්ර් නෝට් 27ක් පමණයයි ගණන් බලා ඇත.
මහජන සෞක්‍ය හා ජනගහණ අමාත්‍යාංශය පවසන අන්දමට රටපුරා තිබ එන්නත් මධ්‍යස්ථාන 3652න් මේ වසර මුල වන විට මධ්‍යස්ථාන 900ක් වසා දැමීමට සිදුව ඇත.එම නිසා වසර 15 අඩු ළමුන්ගෙන් ලක්ෂ 26කට අධික පිරිසක් සරම්ප රෝගය වැළඳිමේ තර්ජනයට මුහුණ පා සිටිති.
යේමනයේ තෙවැනි විශාලතම නගරය වන තායිස්හි මහජන සෙඛ්‍ය සේවය සම්පුර්ණයෙන්ම අඩාලවී ඇති අතර එහි රෝහල් පද්ධතියෙන් හරි අඩක්ම සම්පුර්ණයෙන්ම විනාශවී ඇත. වාර්තාව සඳහන් කරන අන්දමට සාමාන්‍ය ජනතාව අතර රෝග ව්‍යාප්තවිම විශාල ලෙස වැඩිවී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස මරණ අනුපාතයද ශීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතී.
එම වාර්තාවට තක්සේරැ කිරීමට හැකිවූයේ සානා, ඒඩන්, තායිස් හා සින්ජිබාර් යන නගර හතර පමණක් වන අතර ඒවායේ දක්ත එකතු කිරීමද 2015 ඔක්තෝබර් මාසයේදී නතර කිරීමට සිදුව ඇත. එ වනවිට සිවිල් යුද්ධයට ගතවී තිබුණේ මාස හතක් පමණි. එම දත්තවලට අනුව පමණක් සිදුව ඇති විනාශයේ තක්සේරැව ඩොලර් කෝටි 360කි.
එම නගර හතරේ බල ශක්තිය පහසුකම් යළි ගොඩ නැංවීම සඳහා පමණක් ඩොලර් කෝටි 14ක් පමණ අවශ්‍ය වෙතැයි ගණන් බලා ඇත.
(රොයිටර් ඇසුරෙනි.)