සිරියාවේ සටන් අවසන් කරන්න ඇමෙරිකාවට අවබෝධයක් නෑ- රුසියාව
සිරියාවේ සටන් අවසන් කරමින්, එරටට සාමය උදා කර දීමට නම් පළමුවෙන්, ආයුධ සන්නද්ධ ‘ත්රස්තවාදීන්ගේ’ බලය බිඳිය යුතු බවත්, ඇමෙරිකාව මෙය අවබෝධ කර ගෙන නොමැති බවත් රුසියාව පවසයි.
ඇමෙරිකාව දිගින් දිගටම සිරියානු විපක්ෂ කණ්ඩායම්වලට සහාය දෙන නමුත්, එම සයාය ලැබෙන්නේ ඔවුන්ට නොව, ආයුධ සන්නද්ධ ත්රස්තවාදී කණ්ඩායම්වලට බවත් රුසියාව වැඩි දුරටත් කියා සිටී.
අල් කයිඩාවට සම්බන්ධ අල් නුස්රා ත්රස්ත කල්ලිය ද සෘජුව පවසා ඇත්තේ ඇමෙරිකාව සිටින්නේ තමන්ගේ පැත්තේ කියාය.
රුසියාවත් ඇමෙරිකාවත් එක් වී සිරියාවට සටන් විරාමයක් හඳුන්වා දුන් නමුත් එය අසාර්ථක විය. සිරියාවේ අසල්වැසියකු වන තුර්කිය පවසා ඇත්තේ තමන් රුසියාවට සහාය දක්වමින්, එම සටන් විරාමය යථාර්ථයක් කර ගැනීමට සැලැසුම් සකස් කරමින් සිටින බවය.