ස්පාඤ්ඤ මැතිවරණයෙන් අගමැති සැන්චේස්ට ජය



ස්පාඤ්ඤ මහ මැතිවරණයෙන් අගමැති පේද්‍රෝ සැන්චේස්ගේ සමාජවාදී පක්ෂයට ජය හිමිවුණු නමුත් බහුතර බලයක් හිමි කරගැනීමට නොහැකි විය.

ඒ අනුව, රජයක් පිහිටුවීමට නම්, අගමැතිවරයා සහ ඔහුගේ පක්ෂයට තවත් පක්ෂයක් සමඟ හවුල් වීමට සිදුවනු ඇත. අගමැති සැන්චේස් සහ ඔහුගේ පක්ෂය රජයක් පිහිටුවනු ඇත්තේ වාමාංශික පක්ෂ හෝ මධ්‍ය දක්ෂිණාංශික පක්ෂ හෝ හවුල් කර ගනිමින් යැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

2018 වසර තෙක් බලයේ රැඳී සිටි ස්පාඤ්ඤයේ ‘පොපියුලර් පක්ෂය’ මෙම මැතිවරණයේ දී මුළුමනින්ම පරාජයට පත් වීමය. මෙම පක්ෂයට හිමිවූයේ ආසන 66 ක් පමණි. 2018 වනතුරු පාර්ලිමේන්තුවේ ආසන 137 ක් දිනා ගැනීමට හැකිවූයේ පොපියුලර් පක්ෂයයි.

මැඞ්රිඞ්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS