සයිබීරියාවේ හෙලිකොප්ටර් අනතුරකින් 19ක් මරුට
රුසියාවේ වයඹ දිග සයිබීරියාවේදී ඊයේ රාත්‍රි සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් පුද්ගලයන් 19 දෙනෙකු මිය ගොස් ඇති බව රුසියානු ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන කණ්ඩායම කියා සිටින්නේ පුද්ගලයන් 22ක් ගමන් ගත් හෙලිකොප්ටර් යානය සිකුරාදා රාත්‍රිෙය්දී නෝවි ූඋරෙන්ගෝයි නගරය ආසන්නයේදී අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් පුද්ගලයන් 19 දෙනෙක් තුවාල ලබා එම ස්ථානයේදිම මිය ගිය බවය.
හෙලිකොප්ටර් යානය ගමන් කර ඇත්තේ සයිබිරියාවේ ක්රස්නයාර්ස්ක් ප්‍ර දේශයේ සිටය.අනතුර පිළිබඳව දැනගත් වහාම එම ස්ථානයට ආපදා සේවකයන් යැවිම නිසා පුද්ගලයන් තිදෙනෙකු බේරා ගැනිමට හැකිවූ බව පරීක්ෂණ කණ්ඩායම කියා සිටී. එසේ බේරාගන්නා ලද පුද්ගලයන් තිදෙනා උරෙන්ගොයිහි රෝහලට ඇතුළත් කර ඇත.
මෙම අනතු ගුවන් අරාක්ෂාව පිළිබඳ විධි විධාන උල්ලංඝනය කිරිම නිසා සිදු වුවක්ද, කාර්මික දෝෂයක් නිසා සිදුවුවක්ද නැතහොත් අයහපත් කාලගුණ තත්ත්වය නිසා සිදුවුවක්ද යන්න තවම අනාවරණය වී නැත.