සමරිසි විවාහයට එරෙහිව තායිවාන වැසියෝ වීදි බසිති
බී.බී.සී.ඇසුරෙනි......
තායිවානය තුළ සමරිසි විවාහ නීතිගත කිරීමේ පනත් කෙටුම්පත සැලකිල්ලට ගැනීමට එරට පාර්ලිමේන්තුව ගත් තීරණයට විරෝධය පළ කරමින් තායිපෙයි අගනුවර දහස් ගණන් විරෝධතාකරුවෝ වීදි බැස විරෝධතා පවත්වමින් සිටිති.
තායිවාන පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුළට බලහත්කාරයෙන් ඇතුළු වීමට තැත් කළ එම විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ගැටුම් හට ගත් බව වාර්තා වේ.
එළඹෙන වසරේ මෙම කෙටුම්පතට පාර්ලිමේන්තු අනුමැතිය හිමි වුවොත් ආසියාවේ සමරිසි විවාහ නීතිගත කළ පළමු රට වන්නේ තායිවානයයි.
කෙසේ වෙතත් තායිවාන දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුවේ සියයට 60 පමණ ප්රතිශතයක් පනතට විරෝධය පළ කරනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.
තිළිණි ද සිල්වා