සංවේදී වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ



ලිංගික අපයෝජන මාතෘකාව තේමා කරගත් වතිකාන සමුළුව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ආරම්භ විය.

සමාරම්භක අවස්ථාවට එක්වෙමින් පාප් වහන්සේ ළමා ලිංගික අපයෝජන පිළිබඳව හඬ අවදි කළේය.එහිදී අදහස් දක්වමින් උන් වහන්සේ සඳහන් කළේ යුක්තිය අපේක්ෂා කරන කුඩා දරුවන්ගේ හඬට කතෝලික සිද්ධස්ථානය අවධානය යොමුකර යුතු බවයි.

කඳුළු වලක්වාගැනීමේ නිරර්ථක උත්සහයක්  සමඟ කාදිනල් හිමිපාණන් සිදුකළ  දේශනය අතිශය සංවේදී බවද සඳහන් වෙයි.

ළමා අපචාර සහ ස්ත්‍රි දුෂණ වල වින්දිතයින් ඊට එරෙහිව දැඩි සහ කාර්යක්ෂම ක්‍රියාමාර්ග අපේක්ෂා කරන බවත් උන් වහන්සේ සඳහන් කළේය.ඇතැම් පූජකයින්ගේ විසින් සිදුකළ අපයෝජනවල ගොදුරු බවට පත්වූ ළමුන් වෙනුවෙන් රෝමානු කතෝලික පල්ලියේ පෙනී සිටිය යුතු බව උන් වහන්සේගේ ස්ථාවරයයි.

මේ අතර සමුළුවේ  පළමු දිනයේ දී ලුවිස් ටැගල් (Luis Tagle) කාදිනල් හිමිපාණන් සමුළුව ආමන්ත්‍රණය කරමින් ප්‍රධාන දේශනයක් සිදුකළේ කඳුළු පිරි දෑසින් යුතුවයි.

මෙම අවස්ථාවට 200කට ආසන්න පිරිසක් එක්ව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.ලිංගික අපයෝජන සම්බන්ධයෙන් කතෝලික සිද්ධස්ථානවල චෝදනා එල්ල වූ අවස්ථා පිළිබඳව පසුගිය කාලය තුළ නිරන්තර වාර්තා වූ අතර එවැනි පසුබිමක් තුළ මෙම සමුළුව පැවැත්වීම විශේෂත්වයක්.

දින හතරක් පුරාවට වතිකානයේ  මෙම සමුළුවට  ජාතික කතෝලික බිෂොප් සම්මේලන ප්‍රධානීන්, වතිකානු නිලධාරීන්, විද්වතුන්  ආගමික නිකායන්ගේ  ප්‍රධානීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටින බව සඳහන් වෙයි.

කෙසේ වෙතත් මෙම සමුළුව සම්බන්ධයෙන් ඇතැමුන් යහපත් ප්‍රතිචාර දක්වා නැහැ.දශක තුනක් පැරණි චෝදනා පසෙකලා සිය ප්‍රතිරූපය ඔප්නංවා ගැනීමේ අරමුණින් කතෝලික සභාව  මුල් වී මෙය පවත්වන බව ඔවුන් පෙන්වා දී තිබුණි.

( තිළිණි ද සිල්වා )

ගාඩියන්.


RECOMMEND POSTS