ශ්‍රී ලාංකික පවුල කෙරෙහි ජගත් අවධානය
ශ්‍රී ලාංකික පවුලක් ඔස්ටේ්රලියාවෙන් මෙරටට පිටුවහල් කිරීමට ගත් උත්සහායක් අධිකරණ නියෝගයකින් වැළැකුණු පුවතක් පිළිබඳ ජාත්‍යන්තර මාධ්‍යයේ අවධානය යොමු වී තිබිණි.
වසර කිහිපයක සිට ඔස්ටේ්රලියානු රජය ආගමන විගමන ප්‍රතිපත්ති සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කරයි. මෙම සිදුවීමත් සමඟ ඔස්ටේ්රලියානු රජයේ ආගමන විගමන ප්‍රතිපත්ති සම්බන්ධයෙන් නැවත වරක් අවධානය යොමු වී තිබේ.
ආගමන විගමන නිලධාරීන්ගේ රැඳවුම් භාරයේ සිට මෙම ශ්‍රී ලාංකික පවුල මෙරටට පිටුවහල් කිරීමට ඔස්ටේ්රලියානු රජය තීරණය කර ඇත්තේ බ්‍රහස්පතින්දාය. ඒ අනුව ඔවුන් ගුවන් යානයට නංවා මෙරටට පිටුවහල් කිරීමට සියලු පියවර ගෙන තිබිණි. ගුවන් යානය ගුවන් ගත වීමට ද සියලු පියවර ගෙන තිබූ අතර මිනිත්තු කිහිපයක් ප්‍රමාද වූවා නම් ශ්‍රී ලාංකික පවුල මේ වනවිට මේ වනවිට සිටින්නේ ශ්‍රී ලාංකාවේය.
ඔස්ටේ්රලියාවේ සිටින මානව හිමිකම් ක්‍රියාකාරීන්, දෙමළ සරණාගත කවුන්සිලය ආදී සංවිධානයක කිහිපයක මැදිහත්වීම නොවන්නට එම පවුල දැන් ශ්‍රී ලාංකාවේය. මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ ක්‍රියාකාරීන් නිසා ඔස්ටේ්රලියාවේ ෆෙඩරල් විනිසුරුවරියක වන හෙදර් රයිලි අතුරු තහනමක් පනවමින් ශ්‍රී ලාංකික පවුල පිටුවහල් කිරීම තාවකාලිකව නතර කරන දමනි. ගුවන් ගමන ප්‍රමාද කරන ලද්දේ දුරකතන ඇමතුමක් දෙමිනි. මේ සියල්ල සිදුව ඇත්තේ සිකුරාදා එළි වන්නට පැය කිහිපයක් තිබියදීය.
නඬේසලිංගම් සහ ප්‍රියා බෝට්ටුවලින් ඔස්ටේ්රලියාවට පැමිණ ඇත්තේ 2012 සහ 2013 වසරවලදීය. සරණාගත තත්ත්වය පතමින් ඔස්ටේ්රලියාවට පැමිණෙන ඔවුන් එහිදි විවාහ වී ඇත. ඔවුන්ගේ දියණියන් උපත ලබන්නේ ඔස්ටේ්රලියාවේදීය.
බෝට්ටුවලින් ඔස්ටේ්රලියාවට පැමිණෙන සරණාගතයන් සහ නීතිවිරෝධී ලෙස පැමිණෙන සංක්‍රමණිකයන් ආපසු හරවා යැවීමට ඔස්ටේ්රලියානු රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබේ. එම තීරණය එක්සත් ජාතීන්ගේ සහ මානව හිමිකම් සංවිධාන රැසක විවේචනයට ලක්ව තිබේ.
නඬේසලිංගම් සහ ප්‍රියාගේ දියණියන් වන කෝපික සිවු හැවිරිදි වියේ පසුවන අතර තරුණිකා දෙහැවිරිදි වියේ පසුවන්නීය. ඔවුන් කිසිදු දිනක ශ්‍රී ලංකාවට පැමිණ නැති අතර උපතින් ඔස්ටේ්රලියාවේ පුරවැසිභාවය ලබාගැනීමට ද අයිතිවාසිකම් නැතැයි පැවසේ.
වසර තුනකට ආසන්න කාලයක් මෙම පවුල ජීවත්ව ඇත්තේ ඔස්ටේ්රලියාවේ කුඩා නගරයක් වන බිලෝඊලාහිය. මෙය ග්‍රාමීය නගරයකි. ප්‍රියාගේ වීසා කාලය අවසන් වීම නිසා පසුගිය මාර්තු මාසයේදී මෙම පවුල බලහත්කාරයෙන් රැඳවුම් මධ්‍යස්ථානයක් වෙත යවා ඇති අතර එම සිදුවීම නිසා එරට තුළ මහත් කැළඹීමක් ඇතිවිය.
මෙම පවුල සරණාගතයන් නොවන නිසා ඔවුන්ට ඔස්ටේ්රලියාවේ ආරක්ෂාව හිමි නැතැයි එරට ස්වදේශ කටයුතු අමාත්‍ය පීටර් ඩට්න් පැවැසීය.
“මේ පවුල සරණාගතයන් නෙමෙයි. ඔවුන් ඒක තේරුම් ගන්න ඕනේ. සරණාගතයන් නිසා ඔවුන්ට අපේ රටේ ආරක්ෂාව හිමිවෙන්නේ නැහැ” යැයි ඩට්න් එරට මාධ්‍ය හමුවේ කීය.
“ඔවුන්ට පැමිණියේ බෝට්ටුවෙන්. බෝට්ටුවෙන් එන කිසිවකුට මෙහි ඉඩක් නැහැ. අපි ඒ බව පැහැදිලිවම ප්‍රකාශ කර තිබෙනවා” යැයි ද හෙතෙම කීවේය.
අතුරු තහනම් නියෝගයට අනුව ලබන බදාදා වනතෙක් පවුලේ කුඩා දරුවා ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීම නවතා දමා ඇත.
“මේ පවුලට ලංකාවේ ජීවත් වෙන්නේ බැහැ. එය ඔවුන්ගේ ජීවිතවලට තර්ජනයක්. ලංකාවේ කියන දෙමළ මිනිස්සුන්ට හොඳ තැනක් නෙමෙයි” යැයි දෙමළ සරණාගත කවුන්සිලයේ ප්‍රකාශක අරන් මිල්වඥානම් පැවැසීය.
මෙම සිදුවීම් සම්බන්ධයෙන් මැදිහත්වීමක් කරන්නැයි ඔස්ටේ්රලියානු කම්කරු පක්ෂයේ ක්‍රිස්ටිනා කෙනෙලි එරට අගමැති ස්කොට් මොරිසන්ගෙන් ඉල්ලීමක් ද කර ඇත.
“මේ පවුල කාලයක් ඔස්ටේ්රලියාවේ ජීවත් වුණා. ඒ වගේම ඔවුන්ගේ ප්රජාවත් සමඟ කාලය ගතවුණා. ඒත් එක පාරටම රැයක අමුතු දේවල් වෙනවා. ඔවුන් රටින් පිටුවහල් කරන්න හදනවා” යැයි ඇය සඳහන් කළාය.
සිකුරාදා දිනයේදී මෙල්බන්හි විනිසුරුවරයකු තවත් තීන්දුවක් දෙන ලදි. එම තීන්දුවට අනුව ලබන බදාදා වනතෙක් පවුලේ කුඩා රටින් පිටුවහල් කිරීම හෝ පිට කිරීම හෝ සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියරවක් ගත නොහැක.
මෙම සිදුවීම වාර්තාවීමත් සමඟ අධිකරණය ඉදිරියට විරෝධතාකරුවන් පැමිණ සිටි අතර “ඔවුන්ට ඉන්න දෙන්නැයි” යැයි ඉල්ලා සිටියහ.
හර්ෂණ තුෂාර සිල්වා
අල්ජසීරා ඇසුරිනි