වෙනිසියුලාවට ඇමෙරිකාවෙන් ආධාර
වෙනිසියුලා වැසියන්ට අවශ්‍ය ආහාර සහ ඖෂධ රැගත් ට්‍රක් රථ එරටට යැවීමට ඇමෙරිකාව පියවර ගෙන ඇත.
මෙම ට්‍රක් රථ වෙනිසියුලාව බලා ගොස් ඇත්තේ කොලොම්බියාව හරහාය. වෙනිසියුලාව සහ කොලොම්බියාව අසල්වැසි රටවල් දෙකකි.
ඇමෙරිකාව සහාය දක්වන්නේ වෙනිසියුලා විපක්ෂ දේශපාලක කණ්ඩායම්වලටය. විපක්ෂය විසින් නම් කළ අන්තර්වාර ජනාධිපති යුවාන් ගුවයිඩෝට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ සහාය හිමිවෙයි.
ආහාර සහ ඖෂධ රැගත් ට්‍රක් රථ මේ වනවිට කොලොම්බියා වෙනිසියුලා දේශසීමාවේ නවතා ඇති බවත්, ඇමෙරිකා විරෝධී වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝගෙන් එම ට්‍රක් රථවලට රටට ඇතුළුවීමට අවසර හිමි වී නොමැති බවත් පැවැසෙයි.
කුකූටාහිදීය (ඒ.එෆ්.පී.)