වෙනිසියුලා-බ්‍රසීල දේශසීමා වසා දැමේ



 

වෙනිසියුලා විපක්ෂයේ ඉල්ලීම මත ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් වෙනිසියුලාවට ලබා දෙන මානුෂීය ආධාර ප්‍රතික්ෂේප කරමින්, වෙනිසියුලා බ්‍රසීල දේශසීමා වසා දැමීමට වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ තීරණය කර ඇත.

මානුෂීය ආධාර ලැබීම සිදුවන්නේ වෙනිසියුලා බ්‍රසීල දේශසීමාව හරහාත් කොලොම්බියානු දේශසීමාව හරහාත්ය.

දේශසීමා වසා දැමීමට ජනාධිපති මදුරෝ ගත් තීරණය සම්බන්ධයෙන් මේ වනවිට වෙනිසියුලා නගර කීපයක විරෝධතා පැවැත්වෙයි. විරෝධතාකරුවන් සහ වෙනිසියුලා හමුදාව අතර ගැටුම් පවතින බව ද වාර්තා වේ.

රියෝ දි ජිනැයිරෝහිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS