වෙනිසියුලා ජනාධිපති බලය ගත්තේ කුමන්ත්‍රණයකින්ලු



 (රොයිටර්)
වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝ කුමන්ත්‍රණයකින් බලය අල්ලාගෙන සිටින බව එරට පාර්ලිමේන්තුවේ බහුතරය හිමි විපක්ෂය අද (24) ප්‍රකාශ කළේය.
වෙනිසියුලා ජනාධිපතිවරයාට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබූ ජනමත විමසුම කුමන්ත්‍රණයකින් වළක්වාලමින් ඔහු මෙලෙස කුමන්ත්‍රණකාරී ලෙස බලයේ සිටින බව එම පිරිස් පෙන්වා දෙති. මේ වනවිට වෙනිසියුලා ජනාධිපතිවරයාට බලයෙන් ඉවත් වන්නැයි විපක්ෂ පිරිස් මෙන්ම ජාත්‍යන්තරයෙන්ද දැඩි පීඩනයක් එල්ල වී ඇත. 
ඡන්දයක් නැවත කැඳවීමට සූදානම් වූ විට මැතිවරණ බලධාරීන් එය වැළැක්වූ අතර ඒත් සමඟම විපක්ෂය නිකොලාස් මාදුරෝගේ රෙජීමය කුමන්ත්‍රාණකාරී ලෙස බලයේ සිටින බව සඳහන් කරමින් පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කළේය.
මෙම යෝජනාව ඉදිරිපත් වූයේ ලතින් ඇමෙරිකානු රටක් වන වෙනිසියුලාව ආර්ථික හා දේශපාලන අර්බුදයකට මුහුණ දී සිටියදීය. කෙසේ වෙතත් යෝජනාව ඉදිරිපත් වන අවස්ථාවේදී වෙනිසියුලා ජනාධිපතිවරයාගේ පාර්ශවකරුවෝ පාර්ලිමේන්තුවට කඩාවැදී කලබලකාරී තත්ත්වයක් ඇති කළ අතර පාර්ලිමේන්තුවේ කටයුතු විනාඩි 45කට ආසන්න කාලයකට කල් දැමීමට සිදුවිය.

RECOMMEND POSTS