විලියම් කේට් පාකිස්තානයට
බි්රතාන්යයේ ඔටුන්න හිමි විලියම් කුමරු සහ බිරිඳ කේට් මිඞ්ල්ටන් රාජකීය සංචාරයක් සඳහා පාකිස්තානයට යෑමට සූදානමින් සිටින බව කෙන්සින්ටන් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
යුවල මෙසේ පාකිස්තානයට යනු ඇත්තේ පළමු වරටය. මෙම සංචාරය සිදුවන්නේ බි්රතාන්ය විදෙස් සහ පොදුරාජ්‍ය මණ්ඩල කාර්යාලය කළ ඉල්ලීමකට අනුවය.
ත්‍රස්තවාදී කි‍්‍රයා සහ අනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් පාකිස්තානය සංචාරකයන්ට සුදුසු තැනක් නොවන බවට මතයක් පවතී. එම මතය වෙනස් කිරීමට විලියම් සහ කේට් යුවලට හැකිවෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව පාකිස්තාන රජය පවසා ඇත.
(එන්.ඞී.ටීවී.)