විලියම් කේට් ක්රිකට් ගසති
පාකිස්තානයේ සංචාරයක නිරත වී සිටින විලියම් කුමරු සහ ඔහුගේ බිරිඳ කේට් මිඞ්ල්ටන් පාකිස්තාන ක්රිකට් ඇකඩමියට පැමිණියහ.
ඔවුහු එහිදී පාකිස්තාන ක්රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන් ද මුණ ගැසුණු අතර ඇකඩමියේ තිබෙන අමුත්තන්ගේ ග්රන්ථයේ අත්සන් ද තැබූහ.
විලියම්-කේට් යුවල පාකිස්තාන ක්රිකට් ඇකඩමියේදී පාකිස්තාන ක්රිකට් ක්රීඩාකයන් සහ කුඩා දරුවන් සමඟ ක්රිකට් ක්රීඩාවේ ද නිරත වූහ.