විපක්ෂය සමඟ සාකච්ඡා පවත්වන්නේ නෑ



ඇමෙරිකා රජය පැනවූ සම්බාධක සැලකිල්ලට ගනිමින්, විපක්ෂය සමඟ පැවැත්වීමට නියමිත සාකච්ඡා අවලංගු කළ බව වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ පවසා තිබේ.

වෙනිසියුලා රජයේ නියෝජිතයන් සහ විපක්ෂ නියෝජිතයන් අතර සාකච්ඡා බාබඩෝස් හි පැවැත්වීමට නියමිතව තිබුණි. ඒ රටේ පවතින දේශපාලන අර්බුදයට විසඳුමක් සෙවීමේ අරමුණින්ය.

විපක්ෂ නායක යුවාන් ගුඅයිඩෝ ප්‍රමුඛ නියෝජිතයන් පිරිසක් සාකච්ඡා සඳහා සූදානමින් සිටි බව ද වාර්තා වේ. වෙනිසියුලා විපක්ෂය එරට අන්තර්වාර ජනාධිපති ලෙස නම් කර ඇත්තේ ගුඅයිඩෝය. ඇමෙරිකාව ද වෙනිසියුලාවේ ජනාධිපති ලෙස ගුඅයිඩෝ පිළිගෙන ඇත.

කැරැකස්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS