විකල්ප ‘බ්‍රෙක්සිට්’ යෝජනාවත් පරදී
මහා බි්රතාන්යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම හෙවත් ‘බ්‍රෙක්සිට්’ කි‍්‍රයාවලිය කෙසේ විය යුතු ද සම්බන්ධයෙන්, විකල්ප යෝජනා කීපයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු නමුත්, ඒ කිසිදු යෝජනාවකට බහුතර කැමැත්ත හිමි නොවිණි.
‘බ්‍රෙක්සිට්’ කි‍්‍රයාවලිය සම්බන්ධයෙන් විකල්ප යෝජනා ඉදිරිපත් කෙරුණේ, ඒ සම්බන්ධයෙන් බි්රතාන්ය අගමැතිනී තෙරේසා මේ සකස් කළ යෝජනාව තෙවරක් පාර්ලිමේන්තුවේ දී පරාජයට පත්වීමෙන් පසුවය.
අගමැතිනී තෙරේසා මේ, එම යෝජනාවලිය සකස් කර ඇත්තේ යුරෝපා සංගමයේ රටවල නායකයන් සමඟ සාකච්ඡුා පවත්වමිනි. කෙසේ නමුත් ඊට ප්‍රතිවාදී කම්කරු පක්ෂයෙන් පමණක් නොව, අගමැතිනියගේ පාලක කොන්සවර්ටිව් පක්ෂයෙන් ද විරෝධයක් එල්ල වෙයි.
කොන්සවර්ටිව් පක්ෂය නියෝජනය කරන තෙරේසා මේ, අගමැති ධුරයට පත්වූයේ බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය ඉදිරියට ගෙන යෑමටය. අගමැතිනිය ප්‍රතිඥා දී ඇත්තේ, තම යෝජනාවට පක්ෂව ඡන්ද ලැබී එය සම්මත වුවහොත්, තමන් වහා ධුරයෙන් ඉවත් වන බවය. එසේ වුවත් අගමැතිනියට ඇගේ යෝජනාවලිය සම්මත කර ගැනීමට නොහැකි වී ඇත.
පසුගිය 29 වැනිදා බ්‍රෙක්සිට් යෝජනාව තෙවැනිවර පරාජයට පත්වීමෙන් පසු අගමැතිනී තෙරේසා මේ පෙන්වා දුන්නේ විකල්පයකට යා යුතුව ඇති බවය. එම විකල්පය නම්, කිසිදු ගිවිසුමකට යටත් නොවී මහා බි්රතාන්යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමය. පෙරේදා නව යෝජනා දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ ඒ අනුවය.
මේ අතර බ්‍රෙක්සිට් ඉවත්වීම සම්බන්ධයෙන් සාකච්ඡ පැවැත්වීමට තමන් යුරෝපා සංගමයේ නායකයන් හමුවන බව ද අගමැතිනී තෙරේසා මේ පෙන්වා දී තිබේ. මහා බි්රතාන්යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම සිදුවීමට නියමිතය තිබුණේ ද පසුගිය 29 වැනිදාය. කෙසේ නමුත් එම දිනය අපේ‍්‍රල් 12 තෙක් කල් දමා ගැනීමට අගමැතිනී තෙරේසා මේ ට හැකියාව ලැබී තිබේ.
ලන්ඩනයේදීය (රොයිටර්ස්)