වැඩියෙන්ම මත්පැන් පානය කරන රටවල් හෙළිවේ



ජනගහනයට සමානුපාතිකව , වැඩිම මද්‍යසාර පරි‍භෝජනයක් සහිත රටවල් 15 පිළිබදව මෑතක දී කරන ලද අධ්‍යයනයක දී හෙළි වී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සිදු කර ඇති මෙම අධ්‍යයනයට අනුව එක් එක් රටවල පුරවැසියෙකු සාමාන්‍ය වශයෙන් වාර්ෂිකව පරිභෝජනය කරනු ලබන මද්‍යසාර ලීටර ප්‍රමාණය මෙමඟින් අනාවරණය වී තිබේ.

ඊට අනුව වැඩිම මද්‍යසාර පරිභෝජනයක් සහිත ජනතාවක් සිටින රට ලෙස හඳුනාගෙන තිබෙන බෙලරුසියානු රාජ්‍යයයි. එහි එක් පුද්ගලයෙකු වාර්ෂිකව මද්‍යසාර ලීටර 17.32 ක් පරි‍භෝජනය කරනු ලබන බවත් දෙවැනි ස්ථානයේ සිටින ලිතුවේනියාවේ පුද්ගලයෙකුගේ වාර්ෂික මධ්‍යසාර පරිභෝජනය ලීටර 12.65 ක් ලෙසත් වාර්තාවේ.තෙවැනි ස්ථානය චෙක් රිපබ්ලික් ජනරජය  විසින් හිමිකර ගෙන ඇත.සිවුවැනි ස්ථානය ක්‍රෝඒෂියාව වටද, පස්වැනි ස්ථානය ඔස්ට්‍රියාවද ,හයවැන්න පෘතුගාලය විසින්ද , හත්වැන්න ප්‍රංශය යද ,අට වැනි ස්ථානය අයර්ලන්තය ටද , නමවැනි ස්ථානය එස්ටෝනියාවට ද ,දසවැනි ස්ථානය හන්ගේරියාව ටද , 11 වැනි ස්තානය ලක්සම්බර්ගයද , 12 වැනි ස්ථානය ජර්මනියටද ,13 වැනි ස්ථානය රුසියානු ෆෙඩරේෂනයද ,14 වැනි ස්ථානය ගිනියාවට ද , 15 වැනි ස්ථානය පෝලන්තය ටද

මෙහි ඇති විශේෂත්වය වනුයේ මෙම ශ්‍රේණිගත කිරීමේ මුල් ස්ථානවල සිටින සෑම රටක්ම පාහේ පැරණි සෝවියට් සමූහාණ්ඩුවට හෝ යුරෝපීය සංගමයට අයත් රටවල් වීමයි.

කෙසේ වෙතත් මෙම අධ්‍යයනයේ සම්පූර්ණ ලේඛනය මෙතෙක් නිකුත් කර නොමැති බැවින් සෙසු රටවල්වල ස්ථාන කවරේද යන්න තවමත් අනාවරණය වී නොමැත.

තවද 2014 වසරේ දී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කරන ලද, 2010 වසරේ තොරතුරු ඇසුරින් සකස් කරන ලද වාර්තාවකට අනුව වයස අවුරුදු 15 ට වැඩි ශ්‍රී ලාංකීය පුරවැසියෙකුගේ වාර්ෂික මද්‍යසාර පරිභෝජනය ලීටර 3.7 ක් ලෙසින් වාර්තා වී ඇත. මෙහිදී මද්‍යසාර යන්නට බීර, වයින්, පෙරන ලද සැර මත්පැන් හා මද්‍යසාර අන්තර්ගත වෙනත් බීම වර්ග සැලකිල්ලට ගෙන තිබේ.

රටවල් 190 ක් ඇසුරින් කරන ලද එම අධ්‍යයනයට ශ්‍රී ලංකාව සිටින්නේ 130 වැනි ස්ථානයේ ය.

පහත දැක්වෙන්නේ නවතම අධ්‍යයනයට අනුව වැඩිම ජනගහනයට සමානුපාතිකව වැඩිම මද්‍යසාර පරි‍භෝජනයක් සහිත රටවල් 15 යි. එක් පුරවැසියෙකු වාර්ෂිකව පරිභෝජනය කරනු ලබන මද්‍යසාර ලීටර ප්‍රමාණය අදාළ රටට ඉදිරියෙන් දැක්වේ.

1. බෙලරුසියාව (17.32l)
2. ලිතුවේනියාව (12.65l)
3. චෙක් ජනරජය (12.43l)
4. ක්‍රොඒෂියාව (12.18l)
5. ඔස්ට්‍රියාව (12.04l)
6. පෘතුගාලය(11.92l)
7. ප්‍රංශය (11.8l)
8.අයර්ලන්තය (11.72l)
9. එස්තෝනියාව (11.61
10. හන්ගේරියාව (11.51
11.ලක්සම්බර්ග් (11.4l)
12. ජර්මනිය (11.2l)
13. රුසියානු ෆෙඩරේෂණය (11.05l)
14. ඉක්වටෝරියල් ගිනියා (10.99l)
15. පෝලන්තය (10.92l)

 

( තිළිණි ද සිල්වා )

සී.එන්.එන් ඇසුරෙනි.........


RECOMMEND POSTS