වසරකට ළමයි හය ලක්ෂයක් වායු දූෂණයෙන් මියයති





යුනිසෙෆ් සංවිධානය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවකින්  පෙන්වා දෙන්නේ වසරකදී වයස අවුරුදු 5ට අඩු ළමයින් හය ලක්ෂයකගේ අකල් මරණවලට වායු දූෂණය හේතු වන බවයි. කර්මාන්ත ශාලා, තාප විදුලි බලාගාර, ෆොසිල ඉන්ධන භාවිත කරන වාහන, දුවිල්ල මෙන්ම කසල ගිනි තැබීම මගින් ද වායුගෝලය දූෂණයට ලක්වන බැවින් මෙය ළමුන්ටද බලපාන බව ඔවූහූ පෙන්වා දෙති.

ලොව සෑම ළමයින් 7 දෙනෙකුගෙන් එක් අයෙකුම වායු දූෂණයට මුහුණ දෙන අතර, දකුණු ආසියාවේ මෙම තත්ත්වය දරුණු ලෙස පවතින බව යුනිසෙෆ් සංවිධානය පවසනවා.

මිහිතලයේ උණුසුම සහ කාලගුණ වෙනස පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ලොව රටවල් 200කට අධික සංඛ්‍යාවක නියෝජිතයන් නොවැම්බර් 7 වන දා සිට 18 වන දා දක්වා මොරොක්කෝවේ දී රැස්වීමට නියමිතයි.

යුනිසෙෆ් සංවිධානය මෙරොක්කෝවේදී රැස්වෙන් එම නියෝජිතයින් ගෙන් ගෙන් ඉල්ලා සිටින්නේ වායු දූෂණය වැළැක්වීමේ පියවර කඩිනම් කරන ලෙසයි.


RECOMMEND POSTS