වසර 70ක් රජකම් කළ තායිලන්ත රජු අභාවප්‍රාප්ත වෙයි
(ඒ.එෆ්.පී)
ලොව වැඩිම කලක් රජකම දැරූ රජු ලෙස සැලකෙන තායිලන්තයේ භූමිභෝල් අබ්දුල්යාදේ රජු අභාවප්‍රාප්ත වූ බව එරට මාළිඟය අද (13) නිවේදනය කළේය.
භූමිබෝල් රජුගේ මිය යනවිට ඔහුගේ වයස අවුරුදු 88ක් වූ අතර ඔහු රජකම දැරූ කාලය වසර 70ක් විය. භූමිබෝල් රජුගේ අභාවයත් සමඟ තායිලන්නතයේ අනාගතය අවිනිශ්චිත තත්ත්වයකට පත්වනු ඇතැයි ද විදෙස් පුවත් සේවා වාර්තා කර තිබුණි.
භූමිබෝල් පසුගිය කාලය පුරාම අසනීප තත්ත්වයෙන් පසු වූ ඔහු පසුගිය සතියකට ආසන්න කාලයේදී ඔහුගේ තත්ත්වය අසාධ්‍ය මට්ටමක පැවැතුණි. තායි රජු සිරිරාජ් රෝහලේ නැවතී ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ අභාවප්‍රාප්ත වූ අතර ඔහුගේ මිය යෑමට හේතුව කුමක් දැයි රජ මාළිඟය නිකුත් කළ නිවේදනයේ සඳහන් ව නොතිබූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. පසුගිය වසරකට කාලය පුරාවට ඔහු වරින් වර රෝහල් ගත කර අතර විවිධ අසනීපවලට ප්‍රතිකාර ද ගත්තේය.
භූමිබෝල් රජකමට පත්වූයේ 1946 වසරේදීය. එවිට ඔහුගේ වයස අවුරුදු 18ක් විය. හමුදා කුමන්ත්‍රණ, දේශපාලන අස්ථාවරත්වය යටතේ තායිලන්තය යම් තාක් දුරකට හෝ සාමකාමීව පැවැතීමට හේතු වූයේ තායි රජුය. ඔහුගේ අභාවය එරට වැසියන්ගේ දැඩි කනස්සල්ලට හේතු වී ඇත.
හැට තුන් වියේ පසුවන භූමිබෝල් රජුගේ පුත්, ඔටුන්න හිමි මහවජිරලොන්ග්කෝන් තායිලන්තයේ මීළඟ රජු බවට පත්වනු ඇතැයි පැවසේ.