ලෝකයේ සත්ව ගහනය සියයට 70 කින් අඩුවෙලා
(ඬේලිමේල්)
මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ගතවුණු වසර 40 ක කාලයේ ලෝකයේ වන සත්ව ගහනය සියයට 70 කින් අඩුවී ඇති බවත්, වසර මිලියන 65 කට පෙර ඩයිනසෝරයන් වදවී යෑමෙන් පසු, මිහිමත සතුන් මහා පරිමාණයෙන් වදවීමට ලක් වුණු පළමු අවස්ථාව මෙය බවත් ජාත්‍යන්තර වන සත්ව අරමුදල පෙන්වා දෙයි.
1970 දශකයේ සිට මේ දක්වා සිදුවන වන විනාශය, වනාන්තර හෙළි පෙහෙළි කිරීම්, සතුන් දඬයම් කිරීම ආදිය පමණක් නොව පරිසර දූෂණය, දේශගුණික විපර්යාස ආදී හේතු සාධක නිසා ද මෙසේ වන සත්ව ගහනය අඩුවුණු බව ජාත්‍යන්තර වන සත්ව අරමුදල වැඩි දුරටත් කියා සිටී.
‘ඩයිනසෝරයන් මිහිමතින් වදවී යෑමෙන් පසු, ගෝලීය වශයෙන් සතුන්ගේ වදවී යෑමක් සිදුවුණු පළමු අවස්ථාව මෙයයි. ප්‍රධාන වශයෙන් ඊට වගකියන්න ඕනෑ අප මනුෂ්‍යයන්.’ යැයි ලන්ඩන් නුවරදී මාධ්‍ය හමුවක් පවත්වමින් ජාත්‍යන්තර වන සත්ව අරමුදලේ අධ්යක්ෂ මයික් බැරෙට් පවසා ඇත.
ජාත්‍යන්තර වන සත්ව අරමුදල මේ බව අනාවරණය කළේ ලන්ඩන් සත්ව විද්‍යා සංගමය ද එක්වෙමින් කළ සමීක්ෂණයකදීය. එම සමීක්ෂණයට ක්ෂීරපායීන්, පක්ෂීන්, මත්ස්‍යයන්, උභය ජීවීන් සහ උරගයන් අයත් වුණු බව පැවැසෙයි.
වසර 2020 වෙද්දී, දැනට පවතින සත්ව ගහණයෙන් තුනෙන් දෙකක් පමණ වද වී යනු ඇති බවත් එය නැවැත්වීමට මිනිසාට කළ හැකි කිසිවක් නැති බවත් ජාත්‍යන්තර වන සත්ව අරමුදල වැඩි දුරටත් කියා සිටී.
තව දුරටත් වදවීමේ තර්ජනයට ලක් වී ඇති සතුන් අතරට ආසියානු ව්‍යාඝ්‍රයන්, දිවියන්, ගිජුලිහිණියන්, කිලර්වේල් තල්මසුන්, කොකටු ගිරවුන්, මෑන් හිවලුන්, අලි ඇතුන්, යෝධ පැන්ඩා සහ අප්‍රිකානු කඳුකර ගොරිල්ලන් ඇතුළු සත්ව විශේෂ රැසක් ඇතුළත් වෙයි.
අනවසර දඩයම් කිරීම්වලට අමතරව, අසීමිත ලෙස සිදු කරන මසුන් ඇල්ලීමේ කටයුතු හේතුවන් ද මත්ස්‍ය විශේෂ රැසක් වඳවීමට ලක් වී ඇත. විස රසායන, ප්ලාස්ටික් පොළොවට මුසු වීම සහ වායු දූෂණය ඉහළ යෑම ද සත්ව විශේෂ රැසකට මරු කඳවා ඇතැයි මයික් බැරෙට් වැඩි දුරටත් පැහැදිලි කර ඇත.