ලොව පැරැණිතම ලෙන් චිත්‍රය
ආදී මානවා සිතුවම් කළ ඉපැරැණි සිතුවමක් ගැන ඉන්දුනීසියාවෙන් අසන්න ලැබේ. මේ සිතුවම දකින්න ලැබෙන්නේ, ඉන්දුනීසියාවේ හුණුගල් ලෙනක ලෙන් බිත්තියේය.
ආදි මානවයන් විසින් අඳිනු ලැබූ වඩාත් පැරැණි සිතුවමක් ලෙස මෙය සැලකෙයි. සිතුවම දකින්න ලැබෙන්නේ, ඉන්දුනීසියාවේ සුලවේසී දූපතේ හුණු ගල් ලෙනක ලෙන් බිත්තියේය. මේ ලෙන සහ සිතුවම සොයා ගැනීම සිදුවූයේ 2016 වසරේය.
සිතුවම වසර 44,000 ක් පැරැණි බවත්, ඒ අනුව ආදි මානවයාගේ පළමු සිතුවමක් ලෙස සැලකිය හැකි බවත් විද්‍යාඥයන් විසින් තහවුරු කරනු ලැබුවේ පසුගිය දා ය. සිතුවම වසර 44,000 ක් පැරැණි බව ලොවට තහවුරු කළේ ඕස්ටේ්රලියාවේ ග්‍රිෆිත් විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාඥ කණ්ඩායමකි.
ලෙන් බිත්තියේ ඇත්තේ සිතුවම් පෙළකින් නිර්මාණය වූ එක් දැවැන්ත සිතුවමකි. සිතුවමින් නිරූපණය වන්නේ දඩයමකි. එහි රූප දකින්න ලැබේ. ඒවා මිනිස් රූප අර්ධ මිනිස් අර්ධ සත්ව රූප වැනිය. මේ අර්ධ මිනිස් අර්ධ සත්ව රූප කුරු මී ගවයන් දඩයම් කරන ආකාරය සිතුවමින් නිරූපණය වෙයි. අර්ධ මිනිස් අර්ධ සත්ව රූප අත හෙල්ල සහ කඹ ඇත. 2016 වසරේ දී සොයා ගත් මෙම සිතුවම සියුම් ලෙස පරීක්ෂාවට ලක් කරමින්, ඒවායේ කාලය නිර්ණය කිරීම සිදු කළ බව පැවැසෙයි. ඉතිහාසයේ සිදුවුණු එක් සිදුවීමක් (දඩයමක්) සිතුවමට පාදක වන අතර, එය පැරැණිම ඓතිහාසික වාර්තාව ලෙස ද සැලකිය හැකි යැයි ග්‍රිෆිත් විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාඥ ඇඩම් බ්රම් පැහැදිලි කරයි.
සිතුවම් ඇත්තේ සුලවේසි දූපතේ දකුණු දෙසින් පිහිටා ඇති ‘ලියොං බුලුස්පොංග් නමැති ලෙන තුළය. ලෙන තුළ මීටර් 5 ක ප්‍රදේශයක මානවයන් දඩයම් කරන ආකාරය සිතුවමට නගා තිබේ. ඇතැම් මානව රූපවලට වල්ගා ඇත.
මානවයන් මිනිස් සත්ව සංකලනයක් බව පැවැසෙන්නේ ඒ අනුවය. ඉන්දුනීසියාවේ පුරාණ මිත්‍යා කතාවල සඳහන් වන්නේ ආදි මානවයන්ට ස්වරූප සත්ව ස්වරූපවලට වෙනස් කිරීමට හැකියාවක් තිබුණු බව යැයි පුරාවිද්‍යාඥ ඇඩම් බ්රම් වැඩිදුරටත් පැහැදිලි කර සිටී.
ඬේලිමේල් ඇසුරිනි