ලව්රොව් සහ කෙරී දුරකතන සාකච්ඡාවක
රුසියානු විදේශ ඇමති සර්ගෙයි ලව්රොව් සහ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී සිරියානු ප්රශ්නය ගැන ඊයේ (5) දුරකතනයෙන් සාකච්ඡා කළේයයි රුසියානු විදේශ අමාත්‍යාංශය පැවසූ බව රොයිටර් ප්රවෘත්ති සේවය පවසයි.
සාකච්ඡාව පිළිබඳ වැඩිදුර විස්තර අනාවරණය වී නැතත් සිරියානු ප්‍රශ්නයට අමතරව යුක්රේන් අර්බුදය ගැනත්, උතුරු කොරියාව සම්බන්ධයෙන් එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩලයේදී සහයෝගයෙන් කටයුතු කිරිම පිළිබඳවත් සාකච්ඡා කළ බව රුසියානු විදේශ අමාත්‍යාංශය පවසා ඇතැයි රොයිටර් ප්රවෘත්ති සේවය වැඩි දුරටත් සඳහන් කරයි.
එම සාකච්ඡාව පවත්වා ඇත්තේ ඇමෙරිකාවේ ඉල්ලීම මතයයිද වාර්තා වේ.