රොසෙටා අවසන් ගමන් යයි
පෘථිවිය සහ බෘහස්පති අතරින් ගමන් කළ වල්ගා තරුවකට ගොඩ බැස එය ගවේෂණය කිරීමට යවා තිබුණු ‘රොසෙටා’ නමැති අභ්‍යවකාශ ගවේෂණ රොබෝ යානය මේ වනවිට සඳහටම අක්‍රිය වී ඇතැයි එම යානය යැවූ යුරෝපා අභ්‍යවකාශ ආයතනය පෙන්වා දෙයි.
යූරෝ බිලියනයක් වැය කරමින් නිර්මාණය කෙරුණු රොසෙටා පෘථිවියේ සිට සැතපුම් බිලියන 3.9 ක දුරක් ගෙවා, අධික වේගයෙන් විශ්වයේ ඇදී යන ‘ෆිලේ’ නමැති වල්ගා තරුවට ළං වූයේ 2014 වසරේදීය. කෙසේ නමුත් නියමිත ස්ථානයට ගොඩබෑමට ඊට නොහැකි විය. රොසෙටා යානය පෘථිවියෙන් පිටත් වී ගියේ 2004 වසරේදීය.
එදා සිට මේ වන තෙක් වල්ගා තරුවේ සිට පෘථිවියට ලබා ගත හැකි දත්ත එවීමට රොසෙටා කටයුතු කළේය. එහි ආයු කාලය අවසන් වුණු හෙයින් එය අක්‍රිය වුණු බව යුරෝපා අභ්‍යවකාශ ආයතනය පැහැදිලි කරයි.