රුසියාවෙන් නවතම තාප න්‍යෂ්ටික මිසයිලයක්
රුසියාව නවතම තාප න්‍යෂ්ටික බැලැස්ටික් මිසයිලයක් නිපදවා ඇතිබව එරට ස්පුට්නික් පුවත් සේවය වාර්තා කරයි.
රුසියාව මෙම මිසයිලය නම්කර ඇත්තේ ආර්.එස් 28 සර්මාත් යනුවෙනි. මෙහි රැගෙනයා හැකි ධාරිතාව මගින් ටෙස්සාස් ප්‍රාන්තය හෝ ප්‍රංශය තරම් වු විශාල භූමියක් විනාශ කිරීමේ හැකියා ඇති බව එම පුවත් සේවය සඳහන් කරයි.
කලින් තිබු මිසයිලයේම ඉලෙක්ට්‍රොනික් කොටස්වල වැඩිදියුණු කිරීමක් බවත් එහි විනාශකාරී බලය හෝ විනාශකිරීමේ වපසරියේ වෙනසක් නොවන බව එක්සත් ජාතීන්ගේ බළශක්ති දෙපාර්තුමේන්තුවේ හිටපු න්‍යෂ්ටික අවි විශේෂඥ ජොබට් කෙලී මහතා කියා සිටියේය.
රුසියානු මාධ්‍ය වර්තා කරන අන්දමට මෙහි ඇන්ජීමේ පරියේෂණ කටයුතු අගෝස්තු මාසයේදි සිදුකර ඇත. රුසියාව පවසන්නේ මෙම මිසයිලය ලබන වසරේ අගභාගයේදි භාවිතයට ගන්නා බවයි.