රුසියාවටත් සිරියාවටත් යුද අපරාධ චෝදනා
සිවිල් වැසියන් ඉලක්ක කරගෙන ප්රහාර හේතුවෙන් සිරියාවටත් රුසියාවටත් යුද අපරාධ විමර්ශනවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපද රාජ්ය ලේකම් ජෝන් කෙරී පැවැසීය.
කෙරී එම ප්රකාශය සිදු කරද්දි සිරියාවේ ගුවන් හමුදාව ස්ථාපිත කිරීම සඳහා රුසියානු පාර්ලිමේන්තුවට ගෙනැවිත් තිබූ යෝජනාව සම්මත වී තිබුණි.
ඒ අනුව බටහිර සිරියාවේ ලටාකියා ප්රදේශයේ තාවකාලිකව පිහිටා තිබූ රුසියානු ගුවන් හමුදා කඳවුරු නිශ්චිතව එහි ස්ථාපිත කෙරෙනු ඇත.
සිරියානු රජයේ හමුදා තවත් රෝහලකට ප්රහාර එල්ල කර ඇතැයි ද එයින් 20 දෙනකු මියගොස් සියයකට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි ද ජෝන් කෙරි සිකුරාදා (7) උදෑසන වොෂින්ටනයේදී පැවැසීය.
(මිඩ්ල් ඊස්ට් අයි)