රුසියාව පාකිස්තානයට කිට්ටුවෙලා ඉන්දියාවෙන් දැඩි විරෝධයක්
(එන්.ඩී.ටීවී)
රුසියාව පාකිස්තානය සමඟ සමීප සබඳතා පැවැත්වීම සම්බන්ධයෙන් ඉන්දියාවේ දැඩි විරෝධයක් එල්ල වී ඇත.
ඉන්දියාව සහ පාකිස්තානය අතර මේ වනවිට අර්බුදයක් නිර්මාණය වී ඇත. එය කොයිමොහොතේ හෝ ඉන්දු පාකිස්තාන යුද්ධයකට පෙරැළෙනු ඇතැයි බිය පළ වෙයි.
ඉන්දියාව චෝදනා කරන්නේ පාකිස්තානය ත්රස්තවාදයට අනුග්‍රහය දක්වන රාජ්‍යයක් කියාය. පසුගිය දා රුසියාව ඉන්දියාව සමඟත් ඉන්පසු පාකිස්තානය සමඟක් ඒකාබද්ධ යුද අභ්‍යාසයක් ද ආරම්භ කළේය. ඒ ගැන ද ඉන්දියාව රුසියානු රජයට විරෝධය දක්වා ඇත.