රුසියාව එංගලන්තයට දෙහි කපයි



රුසියානු තානාපති යාකොවෙන්කෝ (වමේ)

(රොයිටර්)
එංගලන්තයේ ලන්ඩන් නුවර තම තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලයට වීසා බලපත් නිකුත් කිරීම, එංගලන්ත රජය හිතාමතා ප්‍රමාද කළැයි රුසියාව කියයි.
මේ හේතුව නිසා ලන්ඩනයේ තම තානාපති කාර්යාලයේ නිලධාරීන්ගේ අඩුවක් ද දකින්න ලැබෙන බව බ්‍රිතාන්‍යයේ රුසියානු තානාපති ඇලෙක්සැන්ඩර් යාකොවෙන්කෝ පවසා ඇත.
බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ සහ විදේශ ලේකම් පසුගිය දා රුසියානු රජය හෑල්ලුවට ලක් කරමින් විවිධ ප්‍රකාශ නිකුත් කළහ. ඒ, සිරියානු අර්බුදය සහ සිරියාවේ ඇලෙප්පෝ නුවරට එල්ල වන රුසියන් ගුවන් ප්‍රහාර මුල්කොට ගනිමිනි. මෙය රුසියන් තානාපතිවරයාගේ දැඩි විරෝධයට හේතුවක් විය.


RECOMMEND POSTS