රුසියන් ගුවන් යානයක් කඩා වැටේ



මොස්කව්හිදීය :රොයිටර්

සිරියාව බලා පියාසර කරමින් තිබුණු තම රජයට අයත් ගුවන් යානයක් හිටිහැටියේ අතුරුදන්වුණු බවත්ල යානය කළු මුහුදට කඩා වැටෙන්න ඇති අනුමාන කරන බවත් රුසියානු රජය කියයි.

යානයේ 91 දෙනෙක් සිටියහග ඔවුන්ගෙන් 83 දෙනෙක් මගීහුයග සිටි මගීන් ගණන 83 කිග රුසියානු ආරක්ෂක අමත්‍යාංශය පවසා ඇත්තේ යානයේ සිටි මගීන්ගෙන් වැඩි දෙනා ඔවුන්ගේ නිලධාරීන් කියාය.

යානය කළු මුහුදට කඩා වැටෙද්දී එහි නියමුවන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් ද ඇතුළුව 91 දෙනෙක් සිටියාහග ඔවුන්ගෙන් වැඩිදෙනා ආරක්ෂක අමත්‍යාංශ නිලධාරීන් බව ද වාර්තා වේ.

කඩා වැටී ඇත්තේ ඇන්ජින් තුනකින් සමන්විත ටීයූ 154 වර්ගයේ මගී යානයක් බව පැවැසෙයි. යානය රේඩාර් තිරයෙන් අතුරුදන් වෙද්දී  කළු මුහුදට ඉහළින් පියාසර තර තිබුණැයි ද වාර්තා වේ.

යානය රුසියාවේ සෝචි නුවරින් පිටත් වී ඇති අතරල එය සිරියාවේ ලටාකියා පළාත බලා පියාසර කිරීමට නියමිතව තිබුණු බව ද රුසියානු රජයේ වාර්තා උපුටා දක්වමින් මාධ්‍ය සඳහන් කර ඇත.


RECOMMEND POSTS