රජිව් ගාන්ධි ඝාතනය කළ නාලිනි අධිකරණයෙන් පිටවෙයි
ඉන්දීය අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි ඝාතනයට වරදකාරිය වී, ජීවීතාන්ත සිර දඬුවමක් හිමි නාලිනි ශ්‍රීහරන්ට මාසයක කාලයක් බන්ධනාගාරයෙන් පිටවී සිටීමට විශේෂ අවසරයක් හිමිවී ඇත.
නලිනි ශ්‍රීහරන්ට මාසයක කාලයක් සඳහා මෙම විශේෂ අවසරය හිමිවූයේ ඇගේ දියණිය හරිත්රාගේ විවාම මංගල උත්සවය වෙනුවෙනි. බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ නාලිනි වැල්ලෝර් බන්ධනාගාරයෙන් පිටව ගියාය.
නාලිනිගේ විවාහ වීමට නියමිත දියණිය හරිත්රා වෛද්‍යවරියක වීමට අධ්‍යාපනය ලබන තැනැත්තියකි.
නාලිනි ශ්‍රීහරන්ට මෙම විශේෂ අවසරය හිමිවූයේ ඇය මදුරාසි මහාධිකරණයෙන් කළ විශේෂ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමිනි.
නාලිනිට මෙම මාසයක ‘නිදහස’ ලබා දී ඇත්තේ කොන්දේසි කිහිපයක් යටතේය. ඇයට වැල්ලෝර් නුවරින් පිටව යා නොහැකි අතර, මාධ්‍යවේදීන්ට හෝ දේශපාලනඥයන්ට හෝ අදහස් දැක්වීම කළ නොහැකිය.
චෙන්නායිහිදීය (රොයිටර්ස්)