යුරෝපා රටවලට අධික උණුසුමක්



යුරෝපා රටවල් රැසකට බලපා ඇති අධික උණුසුම හේතුවෙන් යුරෝපා වැසියන් මහත් සේ පීඩාවට ලක් වී සිටින බව වාර්තා වේ.

ප්‍රංශය, ස්පාඤ්ඤය ඇතුළු යුරෝපා රටවල් රැසක උණුසුම සෙල්සියස් අංශය 44 ක් තෙක් ඉහළ ගොස් ඇති බව ද මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මෙවැනි අධික උණුසුම් කාලගුණයක් හටගෙන ඇත්තේ වසර 20 කට පසුව යැයි කාලගුණ විද්‍යාඥයෝ පෙන්වා දෙති.

මේ අතර, අධික වියළි කාලගුණය හේතුවෙන් ස්පාඤ්ඤයේ පළාත් රැසක ළැව් ගිනි තත්ත්වයන් හටගෙන ඇති බවත්, ළැව්ගිනි නිවා දැමීමට ගිනි නිවන භටයන් මහත් පරිශ්‍රමයක් ගන්නා බවත් වාර්තා වේ.

(රොයිටර්ස්)


RECOMMEND POSTS