යුරෝපා කලාපයට ජිහාඩ් ප්රහාර අවදානමක්
ඉරාකයේ මොසුල් නගරයෙන් IS ඉස්ලාම් රාජ්ය ත්රස්තයන් මුලිනුපුටා දැමීමට මෙහෙයුම් ඇරඹී ඇති අවස්ථාවේදී යුරෝපා කලාපයේ ජිහාඩ් අන්තවාදී ප්රහාර එල්ල වීමේ අවදානමක් ඇති වී තිබෙන බව යුරෝපා සංගම් ආරක්ෂක කොමසාරිස් ශ්රීමත් ජූලියන් කිං පවසයි.
යුරෝපා සංගමයේ ආරක්ෂක කොමසාරිස් ශ්රීමත් ජූලියන් කිං වැඩිදුරටත් පවසා සිටින්නේ ත්රස්තවාදීන් සුළු පිරිසක් වුවත් අති විශාල තර්ජනයක් විය හැකි බැවින්, කල්තියා ඊට සූදානම් වීම වැදගත් බවයි.
ඉරාක හමුදා හා ඒකාබද්ධ හමුදා පවසා සිටියේ ඔවුන් පසුගිය සඳුදා මෙහෙයුම් ආරම්භ කළ දිනයේ සිට මේ දක්වා මොසුල් නගරය ආසන්නයේ ගම්මාන 10කට වැඩි ප්රමාණයක බලය තහවුරු කරගෙන ඇති බවයි.
ඔවුන් විශ්වාස කරන ආකාරයට ඉස්ලාම් රාජ්ය ත්රස්තයන් 5,000ක් පමණ ඉරාකයේ දෙවැනි විශාලතම නගරය වන මොසුල් හි රැඳී සිටියි.
මෙම නගරයේ බලය බිඳ වැටීම ඉස්ලාම් රාජ්ය ත්රස්තයන් ලබන බලවත් පරාජයක් බව යුද විශ්ලේෂකයෝ පවසති.
( තිළිණි ද සිල්වා )
ද ගාඩියන් ඇසුරෙනි.....