යුක්රේනයත් රුසියාවත් අතරේ සිරකරු හුවමාරුවක්
යුක්රේනය රජය සහ රුසියානු රජයේ අනුග්‍රහය ලබන බෙදුම්වාදී සටන්කාමීන් අතරේ සිරකරු හුවමාරුවක් සිදුවිය.
යුක්රේන රජයේ අත්අඩංගුවේ සිටි නැගෙනහිර යුක්රේනයේ ක්‍රියාත්මක රුසියානු හිතවාදී සන්නද්ධ බෙදුම්වාදීන් සියලු දෙනාත්, එම බෙදුම්වාදීන්ගේ අත්අඩංගුවේ සිටි සියලුම යුක්රේන හමුදා සොල්දාදුවන් ද සිරකරු හුවමාරුව යටතේ නිදහස ලැබුණු බව විදෙස් පුවත් සේවා වාර්තා කර ඇත.
පසුගිය දෙසැම්බර් 9 වැනිදා, ප්‍රංශයේ පැරිස් නුවරදී, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී අතරේ මුහුණට මුහුණ හමුවක් පැවැත්විණි. දෙරටේ රාජ්‍ය නායකයන් දෙදෙනා මෙසේ හමුවූ පළමු අවස්ථාව මෙය විය. හමුව පැවැත්වූයේ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ගේත්, ජර්මන් චාන්සල්වරිට ඇන්ජෙලා මේකල්ගේත් මැදිහත් වීමෙනි.
රුසියන් ජනාධිපති පුටින් සහ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී අතරේ හමුව සාර්ථක වූ අතර සිරකරු නිදහස් කිරීම සහ ඔවුන් හුවමාරුව සිදුවූයේ ඒ අනුවය.
යුක්රේනය අතීතයේ සෝවියට් සමූහාණ්ඩුවේ කොටසක් විය. 2014 වෙද්දී යුක්රේනයේ ජනාධිපති ලෙස කටයුතු කළේ වික්ටර් යැන්කොවිච්ය. මොහු රුසියානු හිතවාදියකු නොව, බටහිර හිතවාදියෙකි. මේ හේතුව නිසා රුසියාව සහ යුක්රේනය අතර මත ගැටුම් නිර්මාණය විය. නැගෙනහිර යුක්රේනය මුල්කොට ගනිමින් එම මත ගැටුම අවි ගැටුමක් තෙක් දුරදිග ගියේය. අවි ගැටුම් හේතුවෙන් මියගිය ගණන 13,000 කි.
රුසියානු හමුදාවේ සහාය හිමිවුණු රුසියානු හිතවාදී යුක්රේන බෙදුම්වාදීන් යුක්රේනයේ ක්‍රිමියා අර්ධද්වීපය අල්ලා ගත්තේය. අද ක්‍රිමියා අර්ධද්වීපය පවතින්නේ රුසියාව යටතේය. යුක්රේන නව ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී නම්‍යශීලී අයෙකි. රුසියානු ජනාධිපති පුටින් සහ සෙලෙන්ස්කී අතරේ පැවැති හමුව සාර්ථක වූයේ ද එහෙයිනි.
කීව්හිදීය (ඒ.එෆ්.පී.)