යුක්රේන පාර්ලිමේන්තුවේ වාද විවාද මැද ගුටිකෙළියක්



 

 

 

(රොයිටර්)
යුක්රේන පාර්ලිමේන්තුවේ පෙරේදා (15) ගුටිබැට හුවමාරුවක් හටගත්තේය. ගුටිබැට හුවමාරුව හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතුවලට බාධාවක් ද එල්ල විය.
ගුටි බැට හුවමාරුවට මුල් වූයේ යුක්රේන විපක්ෂ නායක යූරිබොයිකෝ රුසියානු රජයට සහාය දක්වමින්, රුසියන් රජයේ ‘පදේට නටනවා’ යැයි රජයට සහාය දක්වන ‘විප්ලවීය පක්ෂයේ’ මන්ත්‍රී ඔලේ ලයැෂ්කෝ චෝදනා කරද්දීය.
ඔලේ ලයැෂ්කෝ චෝදනා කරද්දී අසුනින් නැගිට ගත් යූරිබොයිකෝ, ඔලේ ලයැෂ්කෝට පහර දෙන්න විය. එවිට දෙදෙනාට සහාය දක්වමින් සෙසු මැති ඇමැතිවරු ද ගුටි කෙළියට එක්වූහ.
යුක්රේන පාර්ලිමේන්තුවේ වාද විවාද සහ ගුටි කෙළි සාමාන්‍ය සිදුවීමක් බවට පත් වී ඇතැයි රුසියානු පුවත් සේවා වාර්තා කර තිබේ.
යුක්රේනය යනු කලක් රුසියාවට අයත්ව පැවැති කොටසකි. මීට වසර කීපයකට පෙර, යුක්රේනයට අයත් ක්‍රිමියාව තම පාලනයට බලෙන් එක් කර ගැනීමට රුසියාව පියවර ගත්තේය. අද ක්‍රිමියාව පාලනය වන්නේ රුසියාව යටතේය.
යුක්රේනයේ රුසියානු හිතවාදීහු බහුලව සිටිති. මොවුන් සහාය දක්වන්නේ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ රජයටය. යුක්රේන රජයට ඇමෙරිකාව ඇතුළු යුරෝපා සංගමයේ සහාය හිමිවෙයි.

RECOMMEND POSTS