යුක්රේන ඇමෙරිකා නියෝජිතයා ඉල්ලා අස්වෙයි



යුක්රේනයට වෙනුවෙන් පත් කළ විශේෂ ඇමෙරිකන් නියෝජිත කර්ට් වෝල්කර් සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ.

වෝල්කර්ගේ ඉල්ලා අස්වීමට මුල් වී ඇත්තේ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි සහ 2020 ඇමෙරිකන් ජනපති ධුරය වෙනුවෙන් තරග වැදීමට නියමිත ට්‍රම්ප් ප්‍රතිවාදියා ජෝ බයිඩන් සම්බන්ධයෙන් හටගත් අර්බුදයයි.

පසුගිය ජූලි මාසයේ ට්‍රම්ප් සහ සෙලෙන්ස්කි අතර පැවැති දුරකතන කතාබහ සම්බන්ධ තොරතුරු ප්‍රසිද්ධියට පත්වීම මෙම අර්බුදයට හේතුවක් විය. ජනපති ට්‍රම්ප්, යුක්රේන ජනපතිගෙන් ඉල්ලා ඇත්තේ ජෝ බයිඩන්ගේ කීර්ති නාමය කෙළෙසීමට ඔහු සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙසටය.

ඩිමොක්‍රටික් අපේක්ෂක බයිඩන්ගේ පුතා යුක්රේන ස්වභාවික වායු සමාගමක අධ්‍යක්ෂක මණ්ඩලයේ කටයුතු කර ඇත. එම සමාගම දූෂණ වංචා රැසකට සම්බන්ධ යැයි චෝදනා එල්ල වෙයි. එම චෝදනා යට ගැසීමට බයිඩන් උත්සාහ ගෙන ඇතැයි පැවැසෙයි. ට්‍රම්ප්, බයිඩන් ගැන විමර්ශනයක් ඉල්ලා ඇත්තේ එහෙයිනි.

(අල් ජසීරා)


RECOMMEND POSTS