මෝසම් වැසි සමඟ ඇමෙරිකා රාජ්‍ය ලේකම් කෙරී ඉන්දියාවේ
(නවදිල්ලිය)
ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පෙරේදා (31) ඉන්දියාවට පැමිණි බවත්, නවදිල්ලි අගනුවරදී ඔහු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමුවුණු බවත් ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.
පෙරේදා සිට ඉන්දියාවට මෝසම් වැසි සමය උදා වුණු අතර ඇදහැලෙන්න පටන් ගත් එම වැසි හේතුවෙන් නවදිල්ලි අගනුවර ආශ්රිත ප්‍රදේශ ගණනක් ජලයෙන් යටවිය.
නවදිල්ලි ගුවන් තොටුපොළට පැමිණි ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා ඇතුළු නියෝජිතයන්ට ඔවුන් හෝටලයට යෑමටත් පසුව අගමැති මෝදි හමුවීමට යෑමටත් පැය ගණනාවක් මහ මඟ වාහන තදබදයකට කොටුවී සිටීමට සිදුවිය.
අගමැති මෝදි හමුවුණු අවස්ථාවේදීල කෙරී සහ මෝදි අතර මෝසම් වැසි ගැනත් කතාබහ කෙරුණි. ‘වෙලාව හොඳයි වගේග ඔබතුමා වැස්සත් අරගෙනම ඇවිල්ලා’ යැයි මෝදි පැවැසීය. මෝසම් වැසි සමය ඇරැඹීමට පෙර ඉන්දියාව දරුණු වියළි කාලගුණයකින් පීඩාවට පත් වී සිටියේ යැයි ද බව වාර්තා විය.
අගමැති මෝදි හමුවීමට පෙර ජෝන් කෙරී පිළිගනු ලැබුවේ ඉන්දීය විදේශ ඇමැති සුෂ්මා ස්වරාජ් විසිනි.