මෝල්ටාහිදී ගුවන් යානයක් කඩා වැටී 5ක් මිය යති



මෝල්ටා හි දී සැහැල්ලු ගුවන් යානයක්  අනතුරට පත්වීමෙන් නිලධාරීන් පස්දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් මියගියගොස් ඇතැයි වාර්තා වෙයි.. මෙම සැහැල්ලු ගුවන් යානය ලුකා නගරයෙන් අද පෙ.ව 7.20 (එරට වේලාවෙන්) පමණගුවන්ගතවී ඇති අතර.  ඉන් සුළු වේලාවකට පසුව මෙම අනතුර සිදුවී ඇත.

ඇසින් දුටුවන් ප්‍රකාශ කරන්නේ ගුවන්යානයේ එක පියාපතක් දකුණු පසට ඇලවී ගොස් ඉන් පසුව ගුවන්යානය දකුණු පසට බරවී මිස්රාටා නගරයට කඩාවැටුණු බවයි. 

ගුවන් යානයේ කොටස් විශාල දුම් වලාවන් සමග ගිනිගෙන දැවෙන ආකරය විඩියෝ දර්ශන මගින් දැකගන්ට හැකිවී ඇත.

 මෙයින් කිසිවකු තම ජීවිතය ආරක්ෂා කරගැනීමට සමත්වී නැති බව බලධාරීහු විශ්වාස කරති. මිය ගිය පුද්ගලයන්ගේ අනන්‍යතාවය තවමත් තහවුරුවී තැත.  

(ඉන්ඩිපෙන්ඩන්ට් ඇසුරෙනි)


RECOMMEND POSTS