මොස්කව්හි ගිනි නිවන භටයන් 8ක් ගින්නෙන් මරුට
රුසියාවේ මොස්කව් නගරයේ නැගෙනහිර ප්‍රදේශයේ ගබඩාවක ඇතිවූ ගින්නක් නිවීමේ නිරතව සිටි ගිනි නිවන භටයන් අට දෙනෙකු එම ගින්නෙන් මිය ගිය බව මොස්කව් නගරයෙන් ලැබෙන වාර්තාවල කියැවේ.
ඉකුත් බ්‍රහස්පතින්දා සවස ප්ලාස්ටික් ගබඩාවක ඇතිවූ විශාල ගින්න මැඩ පැවැත්වීමේ නිරතව සිටියදී ඔුවුන් සමග තිබූ සන්නිවේදන සම්බන්ධතා බිඳී යාමෙන් පසුව ඔවුන්ගැන සොයන්නට සෝදිසි මෙහෙයුම් ඇරඹූ බවත් ඉන්පසුව ගින්න ඇතිවූ ප්‍රධාන භූමියේ තිබී ඔවුනගේ සිරුරු හමුවූ බවත් හදිසි සේවා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
‘ අවසානය වනතුරුම ඔවුන් ජීවත්ව ඇතැයි බලාපොරොත්තුවක් තිබුණා.ගින්න ප්රබලවීම නිසා ඇතිවූ ඉහළ උෂ්ණත්වය සහ ඝන දුමාරය හේතුවෙන් ඔවුන්ට බේරී යාමට හැකිවී නැහැ.“ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි.
ගින්න ඇතිවූ පසු එම ගොඩනැගිල්ලේ සේවයේ නිරතව සිටි පුද්ගලයන් සිය දෙනෙකු බේරා ගැනීමට හදිසි සේවා සේවකයන්ට හැකිවී ඇත.
‘ගිනි නිවන භටයන් වීරයන් ලෙස ඔවුන්ගේ සේවයේ නිරතව සිටියදී මිය ගියා.“යි මොස්කව් නගරාධිපති සර්ගෙයි සොබ්යානින් සිය ට්විටර් ගිනුමේ සටහනක් තබා ඇත.
නිල වාර්තාවලදැක්වෙන අන්දමට වර්ග මීටර ්4000ක (වර්ග අඩි 430,000) ප්‍ර දේශයක් ගින්නට හසුවී ඇත. බ්‍රහස්පතින්දා ඇතිවූ ගින්න නිවා දැමීමට හැකිවී ඇත්තේ සිකුරාදා (23) උදේ වරුවේය.