මොරොක්කෝ මැතිවරණයෙන් ඉස්ලාමීය පක්ෂය ඉදිරියට
මොරොක්කෝවේ පැවැත්වුණු පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්දය ගණන් කිරීම මේ වනවිට සියයට 90 ක් අවසන් වී ඇති අතර, එයින් ඉදිරියට පැමිණීමට සමත් වී ඇත්තේ ‘ඉස්ලාමීය යුක්තිය හා සංවර්ධන’ පක්ෂ සමත් වී ඇතැයි වාර්තා වේ. මොවුන් හිමි කරගෙන සිටින ආසන සංඛ්‍යාව 99 කි.
ගත වුණු පස් වසරක කාලය පුරාවට මොරොක්කෝ රාජාණ්ඩුවට නායකත්වය දෙන්නේ ද මෙම පක්ෂයයි. දෙවැනි ස්ථානයට පත්වී ඇත්තේ ‘අව්‍යාජ සහ නවීනත්වය’ පක්ෂයයි. මොවුන්ට හිමි වී ඇති ආසන සංඛා්‍යාව 80 ක් යැයි ද පැවැසෙයි.
මොරොක්කෝව යනු ප්‍රංශයේ යටත් විජිතයක්ව පැවැති රාජ්‍යයකි. මොරොක්කෝවේ නිදහස වෙනුවෙන් අරගල පැවැත් වූ ‘නිදහස් පක්ෂය’ ට හිමි වූයේ තෙවැනි ස්ථානයයි. ඔවුන්ට දිනා ගැනීමට හැකි වී තිබුණේ ආසන 31 ක් පමණි.