මුස්ලිම් තරුණියක් ජර්මානු ජනාධිපතිවරයාගේ අචාරය ප්‍රතික්ෂේප කරයි



ඩේලි මේල් ඇසුරෙනි.....

ජර්මනියේ වෙසෙන මුස්ලිම් තරුණියක් විසින් ජර්මානු ජනාධිපතිවරයා වන ජෝෂිම් ගවුක්ට අතට අතදී අචාර කිරීම ප්‍රතික්ෂේප කළ පුවතක් ඩේලි මේල් වෙබ් අඩවිය වාර්තා කරයි.

මෙය සිදුව ඇත්තේ එරට පාසලකදීයි.ජෝෂිම් ගවුක් මෙම පාසලේ සංචාරයකට එක්ව ඇත.

ජනාධිපතිවරයා පැමිණෙන විටදී එම පාසලේ සිසූහු පාසල ඉදිරිපස පෙල ගැසී සිට ඇති අතර ජනාධිපතිවරයා ඔවුන්ට අතට අතදී ආචාර කරමින් පැමිණ ඇත.කෙසේ වෙතත් ජනාධිපතිවරයා මෙම මුස්ලිම් තරුණියට අතට අත දී ආචාර කරන්නට සැරසෙත්ම ඇය අත ඉවතට ගෙන තිබේ.

පසුව ජනාධිපතිවරයා සිනාසෙමින් අනෙක් සිසුවාට ආචර කර තිබේ.

කෙසේ වෙතත් විවාහ වී නොමැති නම් හෝ ඥාති සම්බන්ධයක් නොවේ නම් ඇතැම් මුස්ලිම්වරුන් ශාරීරක සම්බන්ධයක් ප්‍රතික්ෂේප කරයි.

ජර්මිනියේ මුස්ලිම්වරුන් විරුද්ධ ලිංගිකයන් සමග අතට අත දීම ප්‍රතික්ෂේප කළ සිදුවීම් මීට පෙරද වාර්තා වී තිබේ.

පසුගිය ජූලි මාසයේදීද එවැනි සිදුවීමක් වාර්තා වූ අතර එහිදි සිසුවෙක් විසින් සිය ගුරුවරියට අතට අත දී ආචාර කිරිම ප්‍රතික්ෂේප කර තිබුනේ ආගමික කරුණු මුල්කොට ගෙනය.

 

තිළිණි ද සිල්වා


RECOMMEND POSTS