මුලින් පහර දෙන්න කීවා ඇහුවේ නෑ



ඉන්දියාව සහ පාකිස්තාන අතර පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගයේදී, කාසියේ බවාසිය හිමිවුණොත්, මුලින් පන්දුවට පහර දෙන්නැයි තමන් තම පාකිස්තාන කණ්ඩායමේ නායක සර්ෆරාස් අහ්මද් ට උපදෙස් දුන් නමුත් නායක සර්ෆරාස් කළේ පන්දුවට පහරදීම නොව, පන්දු රැකීම යැයි පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් කියයි.

ඉම්රාන් ඛාන් දක්ෂ ක්‍රිකට් තරුවකි. 1992 වසරේ ක්‍රිකට් ලෝක කුසලානය පාකිස්තානයට හිමිවූයේ ඉම්රාන් ඛාන්ගේ නායකත්වය යටතේය.

ඉන්දියාවට පළමුවෙන් පන්දුවට පහර දීමට ඇරැයුම් කළ නිසා ඉන්දීය කණ්ඩායමට ළකුණු 336 ක් ලබා ගැනීමට හැකි විය. පාකිස්තාන කණ්ඩායමට එම ළකුණු ප්‍රමාණය හඹා යෑම ගැටලුවක් විය. ඉන්දියාව ළකුණු 89 කින් ජයග්‍රහණය කළේය.

(එන්.ඩී.ටීවී)


RECOMMEND POSTS