මුදල් නෝට්ටු නිසා ඉන්දියානුවෝ අමාරුවේ
(එන්.ඩී.ටීවී.)
කළු සල්ලි සුදු කිරීම හෙවත් මුදල් විශුද්ධිකරණයට පිළිමයක් ලෙස රුපියල් 500 සහ 1,000 මුදල් නෝට්ටු අවලංගු කිරීමට ඉන්දීය රජය ගත් තීරණයත් සමඟ ඉන්දියානුවෝ දැඩි අසීරුතාවකට මුහුණ පා සිටින බව එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ඉන්දීය රජය නව මුදල් නෝට්ටු හඳුන්වා දීමට සූදානම් වෙයි. ජනතාව මුහුණ පා ඇති අසීරුතාව හේතුවෙන් පැරැණි නෝට්ටු භාවිතයට ලබා දුන් කාලය දීර්ඝ කිරීමට පවා ඉන්දීට රජය තිරණය කර ඇත. මීට අමතරව පැරැණි නෝට්ටු මාරු කිරීමට බැංකුවලත් තැපැල් කාර්යාලවලත් දිගු පෝලිම් දැකිය හැකි බව ද පැවැසෙයි.