මුදල් නෝට්ටු අවලංගු කිරීමෙන් ඉන්දියානුවෝ අමාරුවේ



 

 

 

 (එන්.ඩී.ටිවී.)
මුදල් විශුද්ධිකරණය පියවරක් ලෙස රුපියල් 500 සහ 1,000 මුදල් නෝට්ටු අවලංගු කිරීමට ඉන්දීය අගමැති න්රේන්ද්‍ර මෝදි ගත් තීරණය හේතුවෙන් ඉන්දියානුවෝ දැඩි අපහසුතාවට ලක් වී සිටිති. 
මුදල් නෝට්ටු අවලංගු කිරීමට රජය ගත් තීරණයත් සමඟ අසීරුතාවට ඉන්දියානුවන් මුහුණ පා සිටින බවත් ඔවුන් උදෑසන බැංකු විවෘත කරන තුරු මහ රෑ තිස්සේ පෝලිම් ගැසී සිටින බවත් වාර්තා වේ. 
ඇතැමුන් කොට්ටා මෙට්ටා ද අතැතිව බැංකු ඉදිරිපිට නිදාගෙන පසුදා පහන් වෙද්දී පෝළිම්වලට එක් වන බව ද වාර්තා වේ. විදුලි සහ ජල බිල්පත් නියමිත පරිදි නියමිත වේලාවට ගෙවා ගැනීමට බොහෝ දෙනාට නොහැකි වී ඇත්තේ පැරැණි නෝට්ටු මාරු කිරීමට බැංකුවල පමණක් නොව, තැපැල් කාර්යාලවලත් දිගු පෝලිම් තිබෙන නිසා බව ද වාර්තා වේ. ප්‍රාන්ත රැසක ගොවීහු රැසක් ද දැඩි ලෙස අපහසුතාවට ලක් වී සිටින බව ද ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.
ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන පක්ෂය වන කොංග්‍රස් පක්ෂයත් සෙසු විපක්ෂ දේශාපාලන කණ්ඩායම් එක් වී, මෝදි සහ භාරතීය ජනතා පක්ෂ රජයට එරෙහි විරෝධතා රැළි සංවිධානය කර ඇත. ඉන්දිය පාර්ලිමේන්තුව ඊයේ රැස්වුණු අතර එහිදී ද මෝදි සහ ඔහුගේ රජය ගත් තීරණයට විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් දැඩි විරෝධයක් සහ දෝෂාරෝපණ එල්ල විය.

RECOMMEND POSTS