මිසයිල ගිවිසුමෙන් දෙගොල්ලන්ම ඉවත් වෙයි
ඇමෙරිකාව සහ සෝවියට් රුසියාව අතර න්‍යෂ්ටික මිසයිල සම්බන්ධයෙන් ඇති කරගෙන තිබූ එකඟතාවෙන් ඇමෙරිකාව ඉවත් කර ගැනීමට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තීරණය කළේය.
ඇමෙරිකාව ගත් එම තීරණයත් සමඟ තමන් ද න්‍යෂ්ටික මිසයිල ගිවිසුමෙන් රුසියාව ඉවත් කරගන්නා බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේය.
න්‍යෂ්ටික මිසයිල ගිවිසුමෙන් ඉවත් වීමෙන් පසු ලෝක බලවතුන් වන ඇමෙරිකාවට සහ රුසියාවට රිසි පරිදි න්‍යෂ්ටික මිසයිල නිපදවීම කළ හැකි බවත්, එය මුළු ලොවටම තර්ජනයක් වනු ඇති බවත් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
න්‍යෂ්ටික මිසයිල සම්බන්ධයෙන් මෙම එකඟතාව ඇති කර ගැණුනේ 1987 වසරේ නිරවි යුද සමයේදීය. ඒ වනවිට රුසියාව සෝවියට් සමූහාණ්ඩුවේ කොටසකි. නිරවි යුද සමයේ ඇමෙරිකාව සහ සෝවියට් රුසියාව එකිනෙකාට අවි අමෝරා ගනිමින් තර්ජනය කර ගන්න විය.
අභ්‍යවකාශය සහ සඳ ජය ගැනීම වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදය සහ සෝවියට් රුසියාව අතර තරගය පැවැතියේ ද මෙම නිරවි යුද සමයේදීය.
1987 වසරේ දී ඇති කරගත් එම ගිවිසුම අනුව, මධ්‍ය දුර සහ කෙටි දුර මිසයිල නිර්මාණය සහ භාවිතය ඇමෙරිකාව සහ රුසියාව විසින් නවතා දමන ලදී.
කෙසේ නමුත් වසර ගණනාවක් තිස්සේ ඇමෙරිකාව රුසියාවට චෝදනා නගන්න වූයේ රුසියාව එම ගිවිසුම කඩකරමින්, රහසේ කෙටි සහ මධ්‍ය දුර මිසයිල නිර්මාණය කරන බවටය. ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වී, ඇමෙරිකාව ගිවිසුමෙන් ඉවත් කර ගැනීම සිදුවූයේ එම චෝදනා මුල්කොට ගනිමිනි.
රුසියාව සමඟ ඇතිකරගත් මිසයිල ගිවිසුමෙන් ඇමෙරිකාව ඉවත් වන බව මාධ්‍ය හමුවේ නිවේදනය කළේ ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕය. ‘අපේ ඇමෙරිකන් මිතුරන් තීරණය කර තිබෙනවා මිසයිල ගිවිසුමෙන් ඉවත් වෙන්න. ඊට ප්‍රතිචාර වශයෙන් අපත් එසේ කරනවා’ යැයි රුසියානු ජනාධිපති පුටින් කළ විශේෂ ප්‍රකාශයේ සඳහන් වෙයි.
වොෂින්ටන්/මොස්කව්හිදීය (ඒ.එෆ්.පී.)