මිසයිල අත්හදා බැලුවේ විරෝධය දක්වන්න



තම හමුදාව නව මිසයිල දෙකක් අත්හදා බැලුවේ දකුණු කොරියාවට අනතුරු ඇඟවීමට යැයි උතුරු කොරියා නායක කිම් ජොන් උන් පවසා ඇත.

දකුණු කොරියාව ඇමෙරිකාව සමඟ එක් වී කොරියානු අර්ධද්වීපයේ පැවැත්වීමට නියමිත ඒකාබද්ධ යුද අභ්‍යාසයට විරෝධය දැක්වීමක් ලෙස එම කෙටි දුර මිසයිල දෙක අත්හදා බැලුවේ යැයි කොරියානු නායකයා වැඩිදුරටත් පවසා තිබේ.

උතුරු කොරියාව එම මිසයිල දෙක විදිනු ලැබුවේ මුහුදටය. උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීම සම්බන්ධයෙන් තමන් දැඩි විමසිල්ලෙන් පසුවුණු බව දකුණු කොරියාව නිවේදනය කළේය.

යොංග්යැංග්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS