මියන්මාරයෙන් සීකා රෝගියකු හමුවේ.
මියන්මාරය සිය රටින් පළමු සීකා රෝගියා හමුවූ බව තහවුරු කළේය. ඇය මියන්මාරයේ ජිවත් වන 32 හැවිරිදි විදේශීය ගැබනියක් වන අතර බළධාරීන් ප්‍රකාශ කළේ මෙතෙක් කරන ලද පරීක්ෂණ මගින් එම කාන්තාවට එම වෛරසය වැලදී ඇති බව තහවුරුවී ඇති බවයි.
ඇය වසර ගණනක් මියර්මාරයේ ජීවත් වන බවත් ඇගේ අනන්‍යතාවය හෙළි කිරීමට නොහැකි බත් මියන්මාර් මහජන සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ අධ්යක්ෂ, සොයි ලිවින නෙයින් පුවත්පත් සාකච්ඡාවකදී කියා සිටියේය. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව මෙම වෛරසය මුල්වරට හදුනාගෙන ඇත්තේ 1974 වසරේ උගන්ඩා රාජ්යෙය්දිය. දැනට රටවල් 72ක් දක්වා මෙම රෝගය ව්‍යාප්තවී ඇත.
සීකා සදහා මෙතෙක් එන්නතක් සොයාගෙන නොමැති අතර කෘමිනාශක මගින් මදුරුවන් මර්ධනය කිරීම සදහා උත්සහයක් දරමින් සිටින අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් මීමැස්සන් මරණයට පත්වී ඇත. මේ මාස මුලදී, ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවා සිටියේ මෙම වෛරසය ආසියාවට පැතිරීමේ අවදානමක් ඇති බවයි.