මියන්මාර හමුදාපතිට ඇමෙරිකාවෙන් සම්බාධක



මියන්මාරයේ රොහින්ග්‍යා සුළු ජාතිකයන් මර්දනයට ලක් කිරීමට හමුදාව මෙහෙයවීම සම්බන්ධයෙන්, එරට හමුදාපති අවුන් ලයින් ඇතුළු තවත් හමුදා ප්‍රධානීන් තිදෙනකුට සම්බාධක පැනැවීමට ඇමෙරිකාව පියවර ගෙන ඇත.

රොහින්ග්‍යා මුස්ලිම්වරුන්ට එරෙහිව යුද අපරාධ සිදු කළේ යැයි මියන්මාර හමුදාවට ද මේ වනවිට ඇමෙරිකාවෙන් පමණක් නොව, රාජ්‍ය නොවන සංවිධාන රැසකින් ද චෝදනා එල්ල වී ඇත.

මියන්මාරයේ රොහින්ග්‍යා සුළු ජාතිකයන් පදිංචි වී සිටින්නේ රකීන් පළාතේය. 2017 වසරේ සිට, රොහින්ග්‍යා මුස්ලිම් වැසියන් එම පළාත වෙනුවෙන් වෙනම පාලනයක් ඉල්ලූ අතර, ඉස්ලාමීය අන්තවාදී සන්නද්ධ කල්ලි ඔවුන් සමඟ එක් වී, මියන්මාර හමුදාවට එරෙහිව සන්නද්ධ අරගලයක් ද දියත් කළේය.

හටගත් දරුණු ගැටුම් හේතුවෙන් රොහින්ග්‍යා මුස්ලිම් වැසියන් 7,40,000 ක් බංග්ලාදේශයට පලා ගියහ. අද බංග්ලාදේශ දේශසීමාවේ පිහිටි සරණාගත කඳවුරුවල මෙම පිරිස වාසය කරති.

මුස්ලිම් රොහින්ග්‍යා වැසියන්ට එරෙහිව යුද අපරාධ කළේ යැයි මියන්මාර නිල නොවන නායිකා අවුන් සාන් සූ කී ට චෝදනා එල්ල වී ඇත.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS