මනුෂ්‍යත්වයේ ප්‍රධානතම සතුරා ත්‍රස්තවාදය- මෝදි කියයි
මනුෂ්‍යත්වයේ ප්‍රධානතම සතුරා ත්‍රස්තවාදය යැයි යැද දුසේරා උත්සවයට සහභාගී වෙමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී පැවැසීය.
රාමායනයේ එන රාවණාගේ පරාජය ත්රස්තාවදය එරෙහිව කරන පළමු සටන යැයි ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එහිදි කීවේය.
ත්රස්තවාදයට කිසිදු දේශසීමාවක් නැතැයි ද ත්රස්තවාදයට කිසිදු අයුරකින් හිස එසවීමට ඉඩ නොහැකි බවත් ත්රස්තවාදයට සහය දෙන ඕනෑම අයෙකුට දඬුවම් නොදී අත් නොහැරිය යුතු බවත් ඔහු තවදුරටත් කීවේය.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මේ ආකාරයෙන් දුසේරා උත්සවයකට සහභාගී වීම දේශපාලන අරමුණකින් කරන ලද්දැක් යැයි ද විවිධ පිරිස් එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරමින් භාරතීය ජනතා පක්ෂය නිවේදනයක් ද නිකුත් කර තිබුණි.
මෙම උත්සවයට විශේෂ ආරක්ෂාවක් දී තිබූ අතර ඉන්දීය අග්‍රාමාත්‍යවරයා රාවණා පාකිස්තානයට සමාන කළ බව ද ඉන්දීය පුවත් සේවා වාර්තා කර තිබුණි.
(එන්.ඩී.ටිවී)