මගේ සිහිනය පකිස්තානයේ අගමැති වීමයි- මලාලා යූසුෆ්



“මම හැමදාත්  සිහින මැව්වේ වෛද්‍යවරියක් වන්න,නමුත්  පකිස්ථානයේ දැන් පවතින සියලු ගැටලුවලට විදුම් සෙවීමටත්  , විශේෂයෙන්ම පකිස්ථාන දැරියන්ගේ අධ්‍යාපනය ඉහළ නැංවීම වෙනුවෙන් අනාගතයේ පකිස්ථානයේ අග්‍රාමාත්‍ය ධුරය පත් වන්නට  දැන් මම සිහින දකිනවා යැයි නොබෙල් සාම ත්‍යාගලාභී , පකිස්ථාන ජාතික මලාලා යූසුෆ්සායි පවසයි.

සාජා නුවර පැවති  අනාගත ආයෝජනය යන මැයෙන් පැවති කාන්තා  සමුළුවකදී දේශනයකට එක්වෙමින් ඇය මෙසේ කීවාය.සාජා හි පාලකවරයාගේ භාර්යාව වන ෂෙයිකා ජවාහර් බින්ත් මෙහොමඩ් අල් ක්වාසිමි ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් හමුවේ ඇය මෙලෙස කීවාය.මෙවැනි සමුළුක් පැවැත්වීමට අරාබි ලෝකය තුළ කාන්තාවන් බලමුළු ගැන්වීම සදහා වෙනුවෙන් සිදු කරන වැඩ කොටසෙහි එක් ධනාත්මක හා සාධනීය ක්‍රියාවක් ලෙස තමන් දකින බවද ඇය සඳහන් කළාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය කියා සිටියේ “අධ්‍යාපනය නොමැතිව ජීවිතයක් හිතන්නටවත් බැරි බවත්,ලෝක සිටින හැම ගැහැණු දරුවෙකු හා කාන්තාවක්ම අධ්‍යාපනය දැඩි අවශ්‍යතාවයක් වනවා,සිහිනයන් ගෙන් එහාට ගිය බලාපොරොත්තු රැසක් ඉටු කර ගැනීම වෙනුවෙන් අපි මේ දේ කළ යුතු යැයි ද මලාලා එහිදී කියා සිටියාය.

සිහින හැමවෙලේම සිහිනයන්ම වෙන්නේ නැහැ.ඒවා ඉටු කර ගැනීමට කැප වුණහොත් කාන්තාවන් ලෙස අපට ලබා ගත හැකි දේ බොහොමයි.මෙහෙම දැඩි අධිෂ්ඨානයෙන් කිව්වේ මලාලා යූසූෆ් .නොබෙල් සාම ත්‍යාගයට හිමිකම් කියූ ළාබාලතම තැනැත්තිය වන්නේත් ඇයයි.

කාන්තාවන් බලමුළු ගැන්වීම ,උසස් තත්ත්වයේ අධ්‍යාපනයක් ලැබීමේ අවශ්‍යතාවය, ගැන වැඩියෙන් මෙහිදී කරුණු දැක්වූ මලාලා සිය ළමා ජීවිතයේ අත්විදි කාරණයක් ගැන සංවේදී වෙමින් මෙසේ කීවාය, “ මගේ සමීපතම යෙහෙළියක් අවුරුදු 11 දී විවාහවන්නට සිදුවුණා.ඇය අවාසනාවන්ත ලෙසින් ළමා විවාහයක ගොදුරක් වුණා.ඒවගේම මම දැකලා තියෙනවා සිය ස්වාමිපුරුෂයන් ගෙන් දික්කසාදව හෝ මියගිය ගොස්  දුක් විදින කාන්තාවන්,මේ සියල්ල වෙන්නේ නිසි අධ්‍යාපනයක් ලබා නොගැනීම නිසයි.නමුත් නිසි අධ්‍යාපනය කියන්නේ පොත් පාඩම් කිරීමවත් ,විභාගයන් සමත් වීම හෝ රැකියා ලබා ගැනීම පමණක් නොවෙයි.එය කාන්තාවන්  බලමුළුගැන්වීම ,නිදහස ,ස්වාධීනත්වය , ආත්ම විශ්වසනීයත්වය ජීවිතයේ ඇති කරන්නක්.“

( තිළිණි ද සිල්වා )

කලීජ් ටයිම්ස් ඇසුරෙනි.....


RECOMMEND POSTS