භෞතික විද්‍යාවට නොබෙල් ත්‍යාගය විද්‍යාඥයන් තිදෙනෙකුට



භෞතික විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය 2016 දිනාගැනීමට ඇමෙරිකාවේ සිටින බ්‍රිතාන්‍යයේ උපන් විද්‍යාඥයෝ තිදෙනෙක්  සමත්වූහ. ඒ අනුව ඬේවිඞ් ජේම්ස් දෝලෙස් , ඩන්කන් හෝල්ඩින් සහ මයිකල් කොස්ටලිට්ස් මේ වසරේ භෞතික විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය දිනාගැනීමට සමත්වූහ. 

භෞතික ද්‍රව්‍යයවල (පදාර්ථය) අසාමාන්‍ය තත්ත්ව සම්බන්ධයෙන් කරන ලද අධ්‍යයන එසේ ඔවුන්ට භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය හිමි වීමට හේතු වූ බව නොබෙල් කමිටුව ප්‍රකාශ කරයි. ඔවුන්ගේ අධ්‍යයනය තුළින් විද්‍යුත සඳහා නව භාවිත (ප්‍රවේශ) විවෘත වන බව පැවසේ. 

ඔවුන් තිදෙනාගේ එම සොයාගැනීම් මඟින් විද්‍යුත් උපකරණ භාවිත කරන නව පරම්පරාවලට අලුත් බලාපොරොත්තු රැසක් තැබිය හැකි බවත් එමඟින් අනාගත විද්‍යුත් උපකරණ ක්ෂේත්‍රයේ විශාල වෙනසක් සිදුවනු ඇති බවත් රාජකීය ස්වීඩන විද්‍යා ඇකඩමිය පෙන්වාදෙයි. 

නොබෙල් පදක්කම්වලට අමතරව ඔවුන් තිදෙනාට ස්වීඩන ක්‍රවුන් මිලියන අටක මුදලක් (ඇ.ඩො 937,000) ත්‍යාගයක් හිමිවීමට නියමිතය. 

එම ත්‍යාග මුදලින් අඩක් ඬේවිඞ් ජේම්ස් දෝලෙස්ටත් ඉතිරි මුදල ඩන්කන් හෝල්ඩින් සහ මයිකල් කොස්ටලිට්ස් අතරේ සමව සමව බෙදී යන භෞතික විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාග කමිටුවේ වැඩබලන සභාපති නිල්ස් මාර්ටින්සන් පැවැසීය. 


RECOMMEND POSTS