බොරිස් ජොන්සන් පළමු වරට ජගත් මහ සමුළුවේ



බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ද එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගී වී සැසිය ඇමතුවේය.

බ්‍රිතාන්‍ය අගමැති ලෙස ජොන්සන්, නිව්යෝක් හි එක්සත් ජාතීන්ගේ මූලස්ථාන ගොඩනැගිල්ලට පැමිණ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය ඇමැතූ පළමු අවස්ථාව මෙය විය.

මිනිස් වර්ගයාගේ අනාගතය ගැනත්, නව තාක්ෂණ​ය ගැනත් අගමැති ජොන්සන් පැවැසුවත්, මහා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම හෙවත් බ්‍රෙක්සිට් ක්‍රියාවලිය ගැන කිසිවක් ප්‍රකාශ නොකළේය.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සති පහක කාලයකට අත්හිටුවීමට අගමැති ජොන්සන් තීරණය කර තිබෙන අතර, එය නීතිවිරෝධී බව බ්‍රිතාන්‍ය ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත. ඒ අනුව සැසිය ඇමතූ සැණින් ලහිලහියේ බ්‍රිතාන්‍යය බලා පැමිණීමට අගමැති ජොන්සන්ට සිදුවිය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS