බෙදුම්වාදීන් ඉන්දු කාශ්මීර නිම්නයේ පාසල් 25 කට ගිනි තියලා
(එන්.ඩී.ටීවී.)
කඩාකප්පල්කරීන් පිරිසක් ඉන්දු කාශ්මීරයේ පාසල් 25 ක් ගිනි තබා විනාශ කර ඇතැයි එරට පුවත් සේවා ඊයේ (01) වාර්තා කළේය.
පාසල් ගැනි තැබීම ආරම්භ වී ඇත්තේ පසුගිය සිකුරාදා සිටය. කඩාකප්පල්කාරීන් ඊයේ දිනය වනවිට පාසල් 25 ක් ගිනිබත් කර තිබුණි.
ගිනි තැබීම කළ පුද්ගලයන් කවුරුන්දැයි මෙතෙක් හඳුනාගෙන නැති නමුත් කාශ්මීර ප්‍රාන්ත බලධාරීන් චෝදනා කරන්නේ එය පාකිස්තාන හිතවාදී ඉස්ලාමීය බෙදුම්වාදී කල්ලිවල සැහැසි ක්‍රියාවක් බවය.
ඉන්දු කාශ්මීර බෙදුම්වාදීන්ගේ නායක යසීන් මලීක්, ඉන්දීය රජය සහ ප්‍රාන්ත බලධාරීන් එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර ඇත. පාසල්වලට ගිනි තැබීමේ සිදුවීම තරයේ හෙළා දකිමින්, බෙදුමාවාදී නායක යසීන් මලික් පවසා ඇත්තේ දරුවන්ගේ අනාගතය අඳුරු කරමින්, අධ්‍යාපන කටයුතු කඩාකප්පල් කරන මෙවැනි කියා පවා නැවැත්වීමට කටයුතු කළ යුතු බවත්, එවැනි පුද්ගලයන් අල්ලා නිසි දඬුවම් ලබා දීමට පියවර ගත යුතු බවත්ය.
මේ අතර, පාසල්වලට විශේෂ ආරක්ෂාවක් සැලසීමට පියවර ගන්නැයි ශ්‍රී නගර් නුවර ශ්‍රේෂ්ඨාධිකරණය මැදිහත්වී ප්‍රාන්ත රජයට නියෝග කර ඇති බව ද ඉන්දීය පුවත් සේවා වාර්තා කර තිබේ.